කාන්තාවක් ලෙස ඔබේ ජීවිතේ සතුට ඔබම හොයාගන්නෙ කොහොමද?

0
13


කාන්තාවක ලෙස පමණක් නොවෙයි ,ජීවිතයට ආදරය කරන මිනිසෙකු ලෙස අපට සතුට හරිම වැදගත්.නමුත් මෙහිදී අප කාන්තාවක ලෙස අප අපගේ සතුට පවත්වා ගැනීම සමස්ත පවුල කෙරෙහි ම බලපාන බැවින් ඒ පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ නිතරම නිවසේ ,පවුලේ කටයුතු වල දී මූලික වන්නේ කාන්තාව නිසාවෙන් .
ඉතින් ජීවත් වීම එක්තරා අභියෝගයක් බව,සතුටින් සිටීම එක්තරා අභියෝගයක් බව අප කවුරුත් දන්නවා.ඒ අභියෝගය ජය ගන්නට අපට හැකියාව තිබෙනවා.ඉතින් මේ වෑයම ඒ වෙනුවෙන් ……

ජීවිතේ කියන්නේ සුරංගනා කතාවක් නෙවෙයි .
අපි පොඩි කාලේ කියවන සුරංගනා කතා වල ලස්සන වගේම අසරණ කුමාරියෝ,දැරියන් බේරගන්න රාජ කුමාරයෝ ආවා.සින්ඩරෙල්ලා ,හිම කුමාරි ,රතු රෝස මල මේ කොයි කතාවෙත් අගට සියලුම විසඳුම් දෙන්න ඉදිරිපත් වුණේ සල්ලිකාර කඩවසම් කුමාරයෙක් .සමහරවිට අවිඥාණකව අපිත් මේ කතා වල පුරුද්දට හෝ එහෙම සිහින කුමාරයෙක් බලාපොරොත්තු වෙනවා.බොහෝ කාන්තාවන් තමන්ගේ අනාගත සැමියාගෙන් ,පෙම්වතාගෙන් අර fantasy සිහිනය නොලැබෙන විට ඉමහත් අසතුටින් සිටීම ආරම්භ කරනවා.

හොඳට කල්පනා කරන්න.ඔයා සතුටින් සිටින හැම අවස්ථාවකදීම ,අපේ අසතුටට හේතු අහවලා යයි කිසියම් කෙනෙකු නිශ්චිතව නම් කිරීමට ඔබට පුළුවන්.එහෙම නේද ?
එහෙනම් වැරැද්ද තියෙන්නෙ ඒ පුද්ගලයා ළඟද ?ඔහුගේ හෝ ඇයගේ හෝ ක්‍රියාව නිසා අසතුටින් සිටින්න වුනේ කාටද? ඔබට නේද ?
ඉතින් දිගින් දිගටම ,මේ ක්‍රියාව සිදු වෙනවා නම් තවකෙකු වෙනස් කිරීමට වඩා ඔයාගෙ සතුටේ දිශානති වෙනස් කිරීම ගැන focus වෙන්න.

1.තමන්ට සතුට සොයාදීම අන් අයගේ කාර්යයක් බව සිතීම නවත්තන්න.
බොහෝ කාන්තාවන් සිතනවා තමන්ව සතුටින් තැබිය යුත්තේ සැමියා විසින් හෝ පෙම්වතා විසින් හෝ බවයි.ඉතින් තව කෙනෙකු තමන්ගේ සතුට බන්දේසියේ තබා ගෙනෙන තුරු බලා සිටින ඔයාට ඔවුන්ගේ අඩුපාඩු මිස වෙන කිසිවෙක් නම් නොපෙනේ වි.

2.විනෝදාංශයක් හෝ විනෝදාංශ කිහිපයක යෙදෙන්න.
එදිනෙදා ජීවිතයේ අපට තිබෙන අනිවාර්ය රාජකාරි කටයුතු වලින් ඔබ්බේ කිසියම් දෙයක් විනෝදාංශයක් ලෙස පවත්වාගෙන යන්න.
3.අරයා මෙයා ගැන කුණු ඔලුවේ තියාගන්න එපා.
අරයා මෙයා ගැන කුණු,පිරුණු ඔලුවක තියෙන්නෙ ප්‍රසන්න දේවල් නෙවෙයි.ඒ නිසා ඔලුව ලස්සන ,සුන්දර මතක වලින් පුරවාගන්න.මතක් වනවිට ත් සතුටක් දැනේවි.
4.ඔයා අකමැති මොනවගේ අයටද?
හොදට කල්පනා බලන්න ,අනුන්ට ප්‍රශ්න දාන ,අනුන්ගෙ අඩුපාඩු හොයන ,කේලම් කියන ,ඉරිසියා කම් කරන ,මේ වගේ අයට කවුරුත් කැමති නැහැ .ඔයත් කැමති නැහැ.ඉතින් මතක තියාගන්න ,ඒ වගේ ගතිගුණ ඔයා ගාවත් තියෙනවා නම් ඔයාට ත් අනෙක් අය අකමැති බව.ඒක සතුටක් නෙවෙයි නේ .ඒ නිසා නිතරම ප්‍රියමනාප ,ආදරණීය ගතිවලින් ඔයාව පුරවාගන්න.

5.ආර්ථික සුරක්ෂිතතාවය ඇතිකරගන්න.

නිවසේ කටයුතු වලට, තමන්ගේ කටයුතුවලට නිතරම සැමියාගෙන් මුදල් ලබා ගැනීමට සිදුවීමත් සමහරවිට ප්‍රශ්නකාරී වන අවස්ථා තිබෙනවා.ඒ විවිධාකාරයෙන් ප්‍රමුඛතාවය දී යුතු දේවල් තවත් තිබෙන නිසා .ඉතින් ඔයා ගේ කාලය කළමනාකරණය කර ගනිමින් ,මුදල් උපයා උපයාගැනීමට හැකි යමක් කළ හැකි නම් එය ද සතුටක් වේවි .

6.දවස මනාව සැලසුම් කරගන්න.

සැලසුම් සහගත දවසක් කියන්නෙම සතුටක් .ඒ සැලසුම් ඇතුළට ඔයා ආසම කරන දේවල් වෙනුවෙන් කාලයක් වෙන් කර ගන්න.

7.මානසික සුවතාවය ගැන නිරතුරුවම සැලකිලිමත් වන්න .
යෝගා,සාමාන්‍ය ව්‍යායාම ,සංගීතය ,ලස්සන චිත්‍රපට ,පොත් ,වගා කටයුතු,ඇතුලු දේවල් ඔයාට නිරන්තරයෙන් ම මානසික සුවයක් ගෙන දේවි .ඉතින් දවසේ අනිවාර්ය අංගයක් විදිහට මින් කිහිපයක් හෝ එකක් තෝරාගන්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here