ක්ෂුද්‍ර මූල්‍ය පනත සම්මත කරමින් මිනිසුන් පීඩාවට පත් කිරීමේ නිල අයිතිය ආණ්ඩුව විසින් සමාගම් වෙත ලබා දී ඇති බව ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික සංවිධානය පවසයි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික සංවිධානය විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
එහිදී අදහස් දැක්වූ ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු නිරෝෂා ගුරුගේ මහත්මිය,
“ඇය නැගිටිනවිට මුළු රටම නැගිටිනවා කියලා ඒ ගොල්ලෝ කාන්තා දින තේමාව ඇතුලේ කියන්නේ. එහෙම කියන ආණ්ඩුව තමයි ඒ කාන්තාවන්ගේ ගෙල හිර කරන්න සමාගම් අ වලට ලයිසන් එක අතට දුන්නේ.
මෙතෙක් නිල අවසරයක් තිබුනේ නෑ සමාගම් වලට.
මේ අසාධාරණ විදියට පීඩාවට පත් කරපු ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගෙන් බලහත්කාරයෙන් මුදල් අය කරගන්න, ඔවුන්ගේ ගෙවල් වලට තර්ජනය කරන්න, ඔවුන් පීඩාවට පත් කරන්න මෙතෙක් නිල අවසරයක් තිබ්බේ නෑ.
… මේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන ඇය නැගිටිනකන් බලා ඉන්න ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී ඒක සමාගම් අතට දුන්නා.ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගියදා (04) සංශෝධන සහිතව සම්මත විය.
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමනය සඳහා අධිකාරියක් පිහිටුවීමට මින් ප්‍රතිපාදන සැලසේ.
පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත නවරත්න මහතා පැවසුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමනය කිරීම පනත් කෙටුම්පතේ මූලික අරමුණ බවයි.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ගම දක්වා පැතිරීමේදී සමාජ ආර්ථික ගැටලු රැසක් මතුව ඇති හෙයින් එම කටයුතු නියාමනය කිරීමේ අවශ්‍යතාව මතුව තිබෙන බව කී හෙතෙම ණය දෙන ක්‍රමවේදය අද විශාල පරාසයකට විසිරී ඇති බවද ප්‍රකාශ කළේය.
මහ බැංකුවේ යටතේ දැනට ලියාපදිංචි වී ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් හතරක් පමණක් බවත් වැරදි ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය ණය වැරැදි අාකාරයට නිකුත් කළහොත් නව පනත යටතේ රුපියල් ලක්ෂ පනහක දඩ නියම කළ හැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් විවාදයේදී අදහස් දැක්වූහ.
වීඩියෝ – VoiceTube
Saru News















