ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු මංජුල තිලකරත්න ඉවත්වෙයි

0
12


ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එම නඩු විභාගයෙන් ඉවත්ව තිබේ.
තමන් එම නඩුවෙන් ඉවත් වන බව ඔහු අද (27) අධිකරණට දැනුම්දෙමින් සඳහන් කර ඇත්තේ සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් එම තීන්දුව ගත් බවය.
ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවට යොමු කරන බවත් ඔහු විවෘත අධිකරණයට දන්වා ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here