ක්‍රිකට් සහ ස්කොෂ් ඔලිම්පික් ක්‍රීඩා ගොන්නට…?

0
4

නිශ්මං රණසිංහ ,මාර්තු 16, කොළඹ LNW:

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට ඔලිම්පික් ක්‍රීඩා ලෙස ක්‍රිකට් සහ ස්කොෂ් ක්‍රීඩා ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලුම්පත් ලැබි ඇති බවත්, එය මාර්තු මස 25 වන දා පැවත්වීමට නියමිත සභාවට අනුමැතිය ලබා ගැනීම සඳහා යොමු කරන බවත් ජාති ඔලිමිපික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් පවසනවා.ඔහු මේ බව ප්‍රකාශ කළේ ඔලිම්පික් කිලවරණය සම්බන්ධයෙන් සහ ගෙවුණු කාලය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී සභාපතිවරයා මෙන්ම ලේකම්වරයා ද පෙන්වා දුන්නේ අවුරුදු 10 ක ට අදාළව ඔලිම්පික් ආයතනයේ ගිණුම් සම්බන්ධයෙන් වෝහාරික විගනනයක් සිඳුවෙමින් පවතින බවයි.දැනට සියල්ල නිමා වී නැතත් ඔවුන් බොහෝ විට නිලවරණයට පෙර සියල්ල ලබා දීමට උත්සාහ කරනු ඇති බවත් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් ප්‍රකාශ කරනු ලැබුවා.

මේ විගනනයේ සම්පූර්ණ වාර්තාව ලබා ගැනීම සම්බන්ධයෙන් යම් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දන්නා බව පැවසූ සභාපතිවරයා,මෙරට ඔලිම්පික් කමිටුව මගින් ඔවුන් වෙත යවන ලද ලිපියේ සඳහන් දින තුනෙන් අප්‍රේල් 25 වන දා ඔවුන්ට පැමිණිමට හැකි නිසා මේ නිලවරණය පැවත්වීමට එකඟතාවයක් ඇති කර ගෙන ඇති බවත් පෙන්වා දුන්නේය.

ඒ එකඟතාවයට අනුව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි ප්‍රධානත්වය දරන ත්‍රී පුද්ගල මැතිවරණ කොමිටියක් පත් කිරීමට තීරණය වි ඇති බව පැවසු ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.එහිදී සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥ හර්ශ අමරසේකර සහ නීතිඥ පියසේන රණසිංහ එම කමිටුවට පත් කර ඇත.

මෙහිදී මාර්තු 14 වන දා ජස්වර් උමාර් සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය ගැන ද මාධ්‍ය විසින් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සීසීටීවී දර්ශන ද පාමින් පැහැදිළි කිරීමක් කළ අතර ඔහුට එල්ල වූ ප්‍රධාන චෝදනාව වූයේ පැමිණිමට හැකි පිරිස ඉක්මවා විශාල පිරිසක් රැඟෙක ආ බවය.අප මේ සම්බන්ධයෙන් ජස්වර් උමාර්ගෙන් ද විමසා සිටි අතර ඔහු පවසන්නේ කිහිප දෙනෙකු තමන්ගේ සහයට ලිපි ගොනු රැඟෙන පැමිණි බව ඇත්ත නමුත්,විශාල පිරිසක් තමන් සමඟ නොපැමිණි බවය.එහෙත් හු පවසන්නේ අදාළ නිල රැස්වීම් භුමියට ඇතුළත් වූයේ තිදෙනෙකු පමණක් බවය.

ජස්වර් පවසන්නේ තමන්ට එහි රැදී සිටිය නොහැකි බවට කළ ප්‍රකාශයෙන් පසුව තමන් එළියට පැමිණ සිටි බවත්,ඒත් එහි සිටි පිරිසගේ බහුතර කැමත්තෙන් පසුව තමන්ට ඇතුළට ඒමට අවසර ලැබුණු බවත්ය.

මේ එකඟතාවය මත වැඩ කිරීම වැදගත් බව සහ අවශ්‍යය ආචාර ධර්ම කමිටුවේ තීරණ ඉක්මන් කිරීම තුළින් නිලවරණයට පෙර සියල්ලට සාධාරණ පිටියක් සහ නෛතික පරිසරයක් සකස් කළ හැකිනම් නිලවරණයට හෝ ඉන් බලයට පත්වන පිරිසට යම් ආකාරයක නීතිමය අභියෝගයක් ඇති නොවන බව LNW අප පෙන්වා දුන් පසු,ඔලිම්පික් සභාපතිවරයා කීවේ ඔලිම්පික් ආයතනයට ඒ සඳහා බලපෑම් කළ හැකි සීමාවේ දැනුම් දීම් කළ හැකි බවත්,ජනමාධ්‍යයට ඊට වඩා නිදහස්ව මේ අදහස් සහ ඉල්ලීම ඔවුන් වෙත ඉදිරිපත් කළ හැකි බවත්ය.

මෙහිදී අදහස් දැක්වීම් නිලූ ජයතිලක, ලේකම් රිෆ්ඩි ෆාමි,සභාපති සුරේෂ් සුබ්‍රමනියම්,භාණ්ඩාගාරික ප්‍රතිවිරාජ් පෙරේරා යන අය අදහස් දැක් වූ අතර මාධ්‍ය මඟින්, එයට සහභාගි වී සිටි උප සභාපතිවරයෙකු වන ශිරන්ත පීරිස්ගෙන් ඉදිර නිලවරණයට ඉදිරිපත්වීමේ කතාව ඇත්තක් දැයි විමසා සිටියේය.එහිදී ඔහු පැවසුවේ එය ඇත්තක් බව සහ දැනට තම කණ්ඩායමට නිලූ ජයතිලක සහ රිෆ්ඩි ෆාහී ඇතුළත් කර ගැනීමට අපේක්ෂා කරන බව ද පෙන්වා දුන්නේය.

The post ක්‍රිකට් සහ ස්කොෂ් ඔලිම්පික් ක්‍රීඩා ගොන්නට…? appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here