ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියකට ඉන්දීය ජාතිකයෙකුට මෙරටදී සිරදඬුවම්

0
12


2024 වසරේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති ලෙජන්ඩ් ලීග් තරගාවලියේදී  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාට තරග පාවාදීම සඳහා යෝජනා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු “කැන්ඩි ආමි සෑම්ප්” කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තාට මාතලේ මහාධිකරණය මගින් අද බරපතළ වැඩ සහිත වසර 04ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් මිලියන 85ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුවේ පැමිණිලිකාර උපුල් තරංග මහතාට රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කළා.

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here