නිශ්මං රණසිංහ ,මාර්තු 05 කොළඹ LNW:
මේ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල හැඩය කුමනාකාර විය යුතුදැයි පැවිද්දන් පවා උගන්වමින් සිටියි.ඒ සඳහා පෙරට ඒමට මූලික වූ කාරණවන් අතර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නවසීලන්තය ඉදිරියේ ලද පරාජය ද මූලික කර දක්වා ඇත.එය බුකීමය තීරණයක පලයක් ලෙස ද හඳුන්වමින් සිටියි.මේ සියල්ල ගැන බුද්ධියෙන් සිතා බැලිය යුතු පරාජයක් නවසීලන්තය විසින්ම දකුණු අප්‍රිකාවට අත් කර දුන්නේ ලෝක කුසලාන ඉතිහාසයට එක් කරන ලද නව වාර්තාවන්ද සමඟින්ය.
ඒ නවසීලන්තයම දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ජය ලංකාවේ ඉහත මට්ටමේ ප්‍රෙක්ෂකයන්ගේ මිම්මෙන් සිතන දකුණු අප්‍රිකානුවන් ඇත්නම් මේ වන විට ඔවුන් එරට ක්‍රිකට් පරිපාලන ගොඩනැඟිල්ල ළඟ විරෝධය දැක්වීමට සූදානම් වෙනවා විය යුතුය.ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල අඩුව දක්ෂ ක්‍රීඩකයන් හෝ දක්ෂතා කළමණාකරනය නොවීම හෝ ලෝකයට සාපේක්ෂව දක්ෂතා ප්‍රමාණවත් නොවීමය.එම දුර්වලතා නිසා විස්සයි විස්ස ක්‍රිකට් සංස්කෘතිය ඇතුළෙ ශ්‍රී ලංකාව ලබන පරාජයන් මෙන්ම එවැනි පරාජයන් ක්‍රිකට්මය ලෙස කියවා ගැනීමට තරම් නොවැඩුණු දුර්වල ප්‍රේක්ෂකාගාරයක් ද ශ්‍රී ලංකාවේ සිටින බව මේ ලෝක කුසලානය හරහාම කියවා ගැනීම වටින්නේය.
එසේම ක්‍රිකට් සඳහා ක්‍රිකට්මය උවමනාවෙන් මැදිහත් වෙනු වෙනුවට එහි ඇති අති විශාල ගිණුමේ වගකීම තමන් සතු කර ගැනීමේ උවමනාව ඇතිව කරන මැදිහත්වීමක් මෙහි දකින්නට ඇත.මේ වන විට පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනස් කිරීම ගැන කතා කරන පිරිස් අතරින් යෝජනා වි ඇති කාරණා අතරින් අර්ජුන රණතුංග කරන ලද යෝජනා වූයේ විදේශිකයන් නොමැතිව දේශිය පුහුණුකරුවන් මත යැපිය යුතු බවය.රොෂාන් මහානාම ඇලෙක්ස් කුන්ටුරි සහ ඩේව් වොට්මෝර් ගැන කතා කරන අතර ඒ දායකත්වයේ ශක්තියද ඇතුව ලෝක කුසලානය දිනා ගත් නායකයෙකු වූ අර්ජුන රණතුංග දැන් දරන අදහස ඊට වෙනස්ය. ඒ අනුව ශ්‍රී ලංකාව පුහුණු කළ හැකි දේශිය පිරිස අතරට නම සඳහන් කළ සනත් ජයසූරිය ද සිටි අතර එහෙත් දැන් එය සාර්ථක නැති බව ඔප්පු වී ඇත.
එහෙත් සනත් ඉවත් කර අලුත් නම් දැන් පැමිණෙමින් ඇත.පෙර පළ වූ නම් අතර සිටි මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර සහ ජයසූරිය ගැන දැන් ජනප්‍රිය කරන්නට අසීරුය.ඒවා යම් යම් ආකාරයට භාවිත වී පරාජයන් සමඟ විශ්වාසය හැකිලී ගිය චරිත ලෙස ප්‍රේක්ෂකයාගේ ගැරහුමට ලක් වී ඇත්තේ ද පරිපාලනයට කෙළ හලන්නන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් අනුවය.
පරිපාලනය නිසා ක්‍රිකට් පරදින බව දැඩිව සමාජ ගත කර, එය වෙනස් කිරීමට ජනතා විරෝධයක් හැදීමේ ව්‍යාපාරය ක්‍රිකට්මය නොවන සහ ක්‍රීඩාමය නොවන සංස්කෘතියක් නිර්මාණය කර ඇති අතර ඔවුන් තරගයේ අවසාන තීරණය මත සිට පමණක් ක්‍රිකට් විචාරය කරන පැවිද්දන්ද බලවත් විචාරයකයන් වන ව්‍යහුයකට භාර වී ඇත.මේ අවසාන තීරණය පරාජයනම් එම විචාරවල වෙනත් ධන ලකුණු මැකී යන අතර ක්‍රිකට් පරිපාලනනය ගෙදර පල කියන තැනට ලඝු වී ඇති අතර එහිදී අර්ජුනම පුහුණුකරු සිටියත් අර්ජුන වැටෙන්නේ ද පල කියන නඩේටමය.
නිලවරණ ව්‍යහුය වෙනස් කිරීම හරහා වැඩ කටයුතු කිරීමට නම් දැනට එම බලය ඇති පිරිසගේ මැදිහත්වීම ඇතුව තීරණයක් ගත යුතුව ඇත.එසේ නොවි විරෝධයක් පැමිණියහොත් සහ එය සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය නොසළකා හැරියොත් සිඳුවන්නේ අයිසීසී ය හමුවේ තහනමකට ලක්වීමය.මේ නිලවරණ ක්‍රියාවලිය තුළ ජයග්‍රහණය කරන්නට බැරි පිරිස්, තමන්ට ක්‍රිකට් සමාජය ඇතුළේ ඇති නොපිළිගැනීම ගැන දැන,ක්‍රිකට්මය නොවන ව්‍යහුයක් හරහා බලයට ඒමට දරන උත්සාහයකි.එය ව්‍යවස්ථාපිත කර ගැනීමට දරණ උත්සාහයෙන් පිටතින් ඇත්තේ අතුරු කමිටුවකට යාම ය.
ඒ සඳහා ඉතිහාසය විසින් දි ඇති සාක්ෂි පලදායි නොවන බව ආණ්ඩු තේරුම් ගත යුතුය.රොෂාන් රණසිංහ එවැනි තැනකට තල්ලු වී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනමකට පවා ලක් කළේය.ඊට පෙර අතුරු තමිටුවක් ලෝක කුසලානයක් සංවිධානය කර සේවක වැටුප් ගෙවා ගැනීමට පවා නොහැකි තත්ත්වයකට ක්‍රිකට් පරිපාලනය පත් කළේය.ශ්‍රී ලංකාවේ දේශපාලන මැදිහත්වීම ඉතා කලපනාකාරී විය යුතුව ඇත්තේ පවතින බොහෝ ක්‍රීඩාවන් සිය ක්‍රීඩකයින් ඉන්දියාවට යැවීම සඳහා ගුවන් ටිකට්පතත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලබා ගන්නා තත්ත්වයක,ක්‍රිකට් ද එවැනි තැනකට පැමිණියහොත් එහි අපකීර්තිය සහ පාඩුව ආණ්ඩුවට දරා ගන්නට වන බැවින්ය.
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය,ජාතික කණ්ඩායම් ගත් විට එහි දකින්නට ලැබෙන සමස්ත ලංකානම නියෝජනය වන තැනට ක්‍රිකට් සම්බන්ධයෙන් කර ඇති අවධානය වැනි කරුණු නොසළකා පරිපාලනය කිරීමට නොහැකිය.එවැනි ව්‍යාපෘති සඳහා මුදල් ගලාගෙන ඒමට අවශ්‍යය විශ්වාසය සහතික කර ඇති බැවින් අයිසීසි ය ඊට දක්වන දායකත්වය සුවිශාලය.ඒ නිසාම අයිසීසී ය සතුව ඇති දේ ප්‍රදානය කර පොහොසත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව ඇත්තේ යම් ආකාරයකට අයිසීසී ධනය ය.ඒ නිසා පවතින ව්‍යහුයේ වෙනස්කමක් කිරීම සඳහා අයිසීසී මැදිහත්වීම වැදගත් වන්නේය.
කෙසේ නමුත් නවසීලන්තයේ අවසාන තරගයට පිවිසුම සහ එම තරගයේ සිඳු වූ අනපේක්ෂිත තත්ත්වයන් සැක කිරීමට වඩා ක්‍රිකට්මය වූ අනපේක්ෂිත ආනන්දය විඳ ගැනීමට හුරු වීම වැදගත් වනු ඇත.නවසීලන්තය පන්දුවාර 10.2 ක් ගෙවුණ තැන ලකුණු 77 ක් ලබා කඩුලු 5 ක් අහිමි කරගෙන සිටියේය.එහෙත් එතැන් සිට ලකුණු 73 ක සබඳතාවයකි.මාර්කෝ ජෙන්සන් නොදැවී ලකුණු 55 ක් ලබා ගත් අතර ඔහුට සහය වූ ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 29 ක ලැබීය.අවසාන පන්දුවාර දෙකේ දී ලුකී ෆර්ගියුෂන් සහ මෙට් හෙන්රි නැවතත් තරගය නවසීලන්තය පැත්තට ඇඳ ගන්නාකාරයේ පන්දු යැවීමක නිරත විය.එසේම එහිදී මාක්රම්ගේ දැවී යාම ගැන උඩ පන්දුව රැක ගත් ඩැරල් මිචෙල් පවා මහත්මා අයුරෙන් සැක පහළ කරමින් තෙවන විනිසුරුට යොමු කළ අතර තෙව විනිසුරුවරයා දුන් තීන්දුව නිවැරදි නොවූ බව මේ වන විට ක්‍රිකට් ලෝකයම කතාබහට ලක් කරමින් සිටින්නේය.
එසේම ඇතැම් පිරිස් තෙවන විනිසුරුව සිටි නිතින් මෙනන් ඉන්දියානුවෙකු වීම නිසා අවසාන තරගයේදී ඉන්දියාවට දකුණු අප්‍රිකාවට මුහුණ දීමට අපහසු නිසා මේ තීරණයට ඔහු මැදිහත් වූ බව ලංකාවේ තැන් කිහිපයකම ලියා ඇත.ඒ ක්‍රිකට් දකින්නට බලය ගැන සිහින දකින පිරිස විසින් කර ඇති මෙහෙවරය.
මෙනන් අතින් දැන හො නොදැන සිඳු වූ වරද ඉතාමත් බරපතලය.ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි ඔහුට විනිශ්චය කටයුතු ලබා දීමේදී සැළකිල්ල යොමු කළ යුතු කාරණයක් වනු ඇත.එහෙත් ක්‍රිකට්ය විචාරයකදී ඉන්දියාව අවසාන තරගයේදි මුණ ගැසෙන නිසා කියන තීරණයට පෙර අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ ඉන්දියාව එසේ කිරීමට එංගලන්තය පරාජය කළ යුතුව ඇති බවය.එවැන්නක් කීමට නොහැකිකමම ක්‍රිකට් හි අවිනිශ්චිතභාවයේ ආනන්දය වන්නේය.
එංගලන්තය තරගය ජය ගතහොත් අවසාන තරගයේ දී නවසීලන්තයට මුහුණ දෙන්නට වන්නේ ඔවුන්ටය.මේ තරගාවලියේ කණ්ඩායම් දක්ෂතා අනුව මාර්තු 4 වන දා වන විටත් ඔස්ට්‍රේලියාව සිටින්නේ අංක තුනටය.ඔවුන් ද සුපිරි අට වටයට නාවේය.ඊට තරගාවලිය තුළ දැක් වූ දක්ෂතා ප්‍රමාණවත් මදි විය.අද අවසාන පූර්ව තරගය පැවත්වෙන කණ්ඩායම් දෙක අංක 1ට සිටින ඉන්දියාව සහ අංක 2 ට සිටින එංගලන්තය වන්නේය.එවැනි තත්ත්වයක එංගලන්තය පරාජය වෙන බවට පූර්ව නිගමනයක සිටීමම ක්‍රිකට්මය ස්වභාවය තේරුම් නොගැනීමය.
තරගයේ පළමු ඕවරයේදී ම ලකුණු 58 ක් ලැබූ ටිම් සෙයිෆර්ට් දවා ගැනීමට විශාල අවස්ථාවක් දකුණු අප්‍රිකාවට ලැබිණ.එය පහසු නැත.එහෙත් රිකෙල්ටන් අපහසුවෙන් හෝ කළේනම් එය තරගයේ තීරණය වෙනස් කරන්නටත් බලපාන්නට තිබිණ.එසේ නොවුණ නිසා ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස පන්දු 33 න් ලකුණු 100 ක් වාර්තා කරන්නට ෆින් ඇලන්ට අවශ්‍යය මානසික ශක්තිය සහ විශ්වාසය ලැබිණි.එසේම සෙයිෆරට් ලකුණු 11 ක් ලබා සිටියදී ද එවැනි අවස්ථාවක් කඩුලු රකින් ක්වන්ටින් ඩි කොක් ද අත හැරියේය.
නැවත ශ්‍රී ලංකාව දෙසට හැරී බැලුවොත් ෆින් ඇලන් හෝ මාර්කෝ ජෙන්සන් ආකාරයට පහර දිය හැකි ජවයක් ඇත්තේ දසුන් ශානකට පමණි.ලංකාව වැනි රටක වැඩිපුර එවැනි ක්‍රීඩකයින් නැත.මේ කතාවට සමහර විට ලැබිය හැකි පිළිතුර සාහිත්‍යමය වශයෙන් අප තුළ ස්ථාපිත කර ඇති දස මහා යෝධයන්ගේ කතාවය.එහෙත් ජානමය වශයෙන් මෙන්ම ආහාර සංස්කෘතිය වැනි කාරණා ගැන ද අවධානය යොමු කර බලන විට ඇත්ත තත්ත්වය අප තේරුම් ගත යුතුය.ඩිල්ෂාන් තැනෙක අපේ හැකියාවට අනුව ලකුණු ලබා ගැනීමේ වේගය කළමණාකරනය කර ගැනීමට යෝජනා කරන්නේ එබැවින්ය.එසේම එය පියවා ගැනීමට පන්දු යැවීමේ කාර්යේදි අප ඉතාමත් වගකීමෙන් ක්‍රියා කළ යුතු වන්නේය.
පරාජය වීම වැළක්වීම ගැන සනත් ජයසූරිය මෙන්ම ලසිත් මාලිංගට ද යම් අදහස් තිබෙන බව අප දැක්කේය.එහෙත් ඒ දෙදෙනාටස ප්‍රායෝගිකය එම අභියෝගය ජය ගැනීමට නොහැකි විය.පිට සිට බලන විට පෙනෙන හැටියට වඩා ඇත්ත තත්ත්වයට මුහුණ දීම පහසු නැත.මේ ඇත්ත දැන්වත් තේරුම් ගැනීම වැදගත්ය.ගහපු ක්‍රිකට්වලින් පුහුණු කිරිම වැනි කාරණාවන් මෙන්ම ගහපු ක්‍රිකට්වලින් පාලනය කිරීම වැනි කාරණා අතර ඇති පරතරයන් දකින්නට සමහර අතුරු කමිටු කළ කී දෑ ම ප්‍රමාණවත්ය.
ඒ නිසා නැවත නැවතත් නවසිලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ අනපේක්ෂිත සහ අවිනිශ්චිත බව නරඹමින් විඳිය හැකිනම්, ක්‍රිකට් යනු පූර්ව නිශ්චිත නිගමනවල සිට කටයුතු කළ නොහැකි දෙයක් ලෙස දැනෙනු ඇත.ඒ ස්වභාවයෙන් පිට සිට ක්‍රිකට් දකින විට එහි ආනන්දය ළඟා වෙනු ඇත්තේ අඩුවෙන්ය.ක්‍රිකට් බැලීම එපා වෙනු ඇත්තේ එබැවින්ය.ක්‍රිකට් හී ඇති මහා ධනස්කන්දයේ පාලනය වෙනුවෙන් ගල් පෙරලන අය විනාශ කරමින් සිටින්නේ ප්‍රේක්ෂකයා ක්‍රිකට්මය විය යුතු අවකාශයය.
නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගයේ ලකුණු පූවරුව සහ එහි පන්දුවෙන් පන්දුවට සිඳු වූ දේ ඔබට පහතින් දකින්නට හැකිය.එය රූපමය ලෙස නොවුණත් මනසින් හෝ මවා ගන්නට හැකිනම් අතහැරෙන සහ මඟ හැරෙන ක්‍රිකට් වින්දනය කෙතරම්ද කියා හැඟෙනු ඇත.රට වෙනුවෙන් ක්‍රිකට් ගැන සිතන්නට බල කෙරෙන ගෙවුණු කාලය පුරාම රටේ බොහෝ කේෂ්ත්‍රයන් අඩපන කළ පන නැති කළ දේශප්‍රේමය ව්‍යාජ ලෙස අරුත් ගැන් වූ සංස්කෘතියේම ක්‍රිකට් ද එක් මෙවලමක් සේ පවතින බව ද හැඟෙනු ඇත.පුළුවන්නම් ක්‍රිකට් විඳ දේශය විඳින්නට හුරු වූ විට ක්‍රිකට් ගැන කියවීම පොහොසත් කර ගැනීමට හැකිය.
තරගයේ විස්තරයට –
https://bit.ly/479h27e


The post ක්‍රිකට් ගැන කියවීම ක්‍රිකට්මය කර ගත හැකි නවසීලන්තයේ ජය සහ දකුණු අප්‍රිකාවේ පරාජය appeared first on LNW Sinhala.
Saru News
















