මැදපෙරදිග යුද්ධයේ බලපෑම් මුළු ලෝකයේ ම විවිධ ක්ෂේත්‍ර වෙලා ගනිමින් සිටින අතර, මෙරට කෘෂිකාර්මික යෙදවුම් සම්බන්ධයෙන් ඇතැමුන් ක්‍රියාත්මක කරන කළු කඩ ජාවාරම වහාම නැවැත්විය යුතු බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.
රට තුළ පොහොර හෝ කෘෂි රසායන හිඟයක් නැති බවත්, ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස චීනයෙන් වහාම පොහොර ආනයනය කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ. එමෙන් ම, මෙරටට පොහොර සහ කෘෂි රසායන ආනයනය කරන සමාගම් ඇතුළු සියළු පාර්ශව සහභාගී කර ගන්නා සාකච්ඡාවක් 17 වෙනි අඟහරුවාදා ට යොදා ගෙන ඇති බවත් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළ පැහැදිලි කිරීම ඇතුලත් විඩියෝව පහත දැක්වේ.
1
Saru News
















