කළුතර වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

0
5

කළුතර – උතුර මාඩිය මංකඩ ප්‍රදේශයේ අද (14) සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඉන් බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි මෙම පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව සඳහන් වේ. (Update – 20.54)

————————————–

කළුතර උතුරු පොලිස් වසමේ වාඩිය මංකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

අද (14) පස්වරු 7.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි වැදීමෙන් වයස අවුරුදු 32 හැවිරිදි අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ඔහුගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණ 9mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here