නිසි පරිදි පිරිසිදු නොකිරීමෙන් දත් ඉක්මනින් ම කහ පැහැ වෙන්නටත්, ඉන්පසු නරක් වෙන්නටත් පටන් ගන්නවා. සිනහව ආභරණයක්. පිරිසිදු දත් දෙපලක් ඔබේ රුව මෙන් ම සෞඛ්‍යය ද සුරකිනවා. අවර්ණ වූ දත්වල කහ පැහැය ඉවත් කරන්නට පහසු පිළියමක් අප ගෙන එන්නට හිතුවේ ඒ නිසයි.
පොල් තෙල් හා කහ කුඩු භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න.
මිශ්‍රණයට පෙපර්මින්ට් තෙල් ටිකක් එකතු කර නැවත හොදින් මිශ්‍ර කර ගන්න.
කහ භාවිතා කිරීම තුළින් දත්වල තියෙන සංකූලතා පහව යනවා. එමෙන්ම දත්වල තියෙන කහට ගතිය හා මැලියම් ගතිය මේ තුළින් පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්.
Saru FM Media