කසුන් දිලුක කුලරත්න මොනවද කරන්නේ? – Saru News | සිංහල

0
8

ලබන 28 වෙනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පිරිස ඇප මත නිදහස් කිරීමට නීතිපති ගෙන ගිය ප්‍රයත්නය සම්පූර්ණයෙන් ම ව්‍යර්ථ වී තිබිණි.

ත්‍රිකුණාමලයේ රක්ෂිත වෙරළ තීරයේ අනවසරයෙන් පවත්වා ගෙන “ජූස් බාර්” ආපන ශාලාවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට ආරක්ෂාවක් වෙනුවෙන් බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමෙන් වෙරළ සංරක්ෂණ නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මෙම දස දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. බලංගොඩ කස්සප නමින් පෙනී සිටින භික්ෂුව ආරණ්‍යවාසී ආවරණයක් ලබා ගෙන සිටී. මෙම භික්ෂුව තවත් භික්ෂූන් වහන්සේ නමකට පහර දීම සහ අධ්‍යාපන සහතික හොරකම් කිරීම මත විහාරස්ථානවලින් නෙරපා හැර සිටින බව හෙළි වී තිබේ.

මුනිහුම්දුරගේ කසුන් දිලුක කුලරත්න යන ගිහි නාමයෙන් සිටිය දී ගම්වාසීන්ට පවා පීඩා ගෙන දුන් පුද්ගලයා බලංගොඩ කස්සප නමින් පැවිදි වීමෙන් පසුව ජාතිවාදී සහ අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ වෙමින් සිටී. එහි තවත් පියවරක් ලෙස ත්‍රිකුණාමල වෙරළ තීරයේ අනවසරයෙන් පවත්වා ගෙන යන ජූස් බාර් ව්‍යාපාරයට රැකවරණය ලබා දීම සඳහා බුදුන් වහන්සේගේ පිළිරුවක් පවා යොදා ගන්නා ලදී.


231

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here