කස්සප හිමිට උණ (වීඩියෝ)

0
10

බන්ධනාගාරගතව සිටින කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ වන විට බන්ධනාගාර රෝහල තුළ පැතිර යන වෛරස් උණ රෝගයට ගොදුරු වී ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව සිංහල සංවිධාන එකමුතුව පවසයි.

එම සංවිධානයේ තරුණයෙක් මාධ්‍යට අදහස් පළ කරමින් සඳහන් කළේ, කස්සප හිමියන් ඇතුළු පිරිස දැඩි අපහසුවෙන් පසුවන බවය.

උන්වහන්සේලා ඉතා අසීරුවෙන් ඇවිදින බවත්, කතා කිරීමේදී පවා පෙර තිබූ ප්‍රාණවත් බව දක්නට නොලැබුණු බවත් සුව දුක් බැලීමට ගිය එම සංවිධානයේ තරුණයා සඳහන් කලේය.

උන්වහන්සේලා සිටින අසීරු තත්ත්වය දැකීමෙන් තමන් දැඩි සංවේගයට පත් වූ බව පැවසූ එම තරුණයා කියා සිටියේ, ඕනෑම සිංහල බෞද්ධයෙකුගේ හදවත කම්පා වන අයුරින් උන්වහන්සේලා රෝගාතුරව සිටින බවය.

මෙම තත්ත්වය හමුවේ සිරගතව සිටින ස්වාමීන් වහන්සේලා සිව්නම ඇතුළු අනෙකුත් පිරිසගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම රජය, බන්ධනාගාර බලධාරීන් සහ අදාළ නිලධාරීන් භාරගත යුතු බව සිංහල සංවිධාන එකමුතුව අවධාරණය කරයි.

“බන්ධනාගාරයක් තුළ මේ විදිහට රෝග පැතිරී යාම කනගාටුදායකයි. ඇයි දෙයියනේ ස්වාමීන් වහන්සේලාට මෙහෙම වෙන්නේ? මේ පිළිබඳව බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතුයි,”

රෝගාතුරව සිටින ස්වාමීන් වහන්සේලා සිව්නමටම තෙරුවන් සරණින් ඉක්මන් නිරෝගී සුවය ලැබේවායි තමන් ප්‍රාර්ථනා කරන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කලේය.

 වීඩියෝ – News Center

 

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here