කවුද මේ වැලන්ටයින්?

0
7

අද දිනය එනම් පෙබරවාරි 14වැනිදා “පෙම්වතුන්ගේ දිනය” ලොව පුරා සමරනු දැකිය හැකිය.එහෙත් එම දිනයේ සැබෑම නම වන්නේ “වැලන්ටයින්” දිනයයි. 

අද වැලන්ටයින් හෙවත් පෙම්වතුන්ගේ දිනය අපේ අය ඉහළින්ම සැමරුවද ඒ පිටුපස කතාව බොහෝ දෙනෙක් නොදනිති. 

සැබවින්ම වැලන්ටයින් දිනය නම් විය යුත්තේ “වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය” යනුවෙනි. ලොව පුරා බොහෝමයක් රටවල සිටිනා ආදරණීය පෙම්වතුන් ඉහළින් සමරන “වැලන්ටයින් සාන්තුවරයාගේ දිනය” යනු කුමක්ද?

වැලන්ටයින් ඉතිහාසය  ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවස දක්වා ඈතකට දිව යන්නකි. 

මෙම දිනය නම් කර තිබෙන්නේ තුන්වෙනි සියවසේ එදා රෝමයේ ජීවත් වූ කතෝලික පූජකවරයකු වූ “ශාන්ත වැලන්ටයින්” යන නමින් ඔහුව සිහිවීමටය. එදා ඔහු රෝමයේ සිටි ඉතා ප්‍රසිද්ධ පූජකවරයෙකි. ඒ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසෙහිය.

එදා මෙම වැලන්ටයින්ගේ කාලය තුළ රෝමානු වැසියන් රැසක් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම සිදුවිය. එම කාලයේ සිටි දෙවැනි ක්ලෝඩියස් අධිරාජ්‍යයා දැඩි මිථ්‍යා මතධාරියකු වූ අතර ඔහු ඊට බොහෝ විරුද්ධ විය. 

ඉන් පසු ඔහු රෝම සොල්දාදුවන් ක්‍රිස්තියානි භක්තිකයන් සමඟ අවාහ විවාහ වීම පවා තහනම් කරමින් නීති පැනවීය. ඔහුගේ මතය වූයේ විවාහක පුරුෂයන්ට දක්ෂ සොල්දාදුවන් විය නොහැකි බවයි.ක්ලෝඩියස් අධිරාජ්‍යයාගේ මෙම දැඩි මිථ්‍යා මත සහ විශ්වාසය හේතුවෙන් ඔහු  විවාහය තහනම් කලේය. 

එහිදී එම අධිරාජ්‍යයා ගත් එම ක්‍රියාමාර්ගය අසාධාරණ යැයි සිතූ  “වැලන්ටයින් පූජකතුමා තීරණයක් ගනියි. 

ඒ තීරණය වන්නේ නීතිය බිඳ දමා යුග දිවියට ඇතුළත් වීමේ දැඩි අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ව රහසින්ම විවාහ කිරීමට කටයුතු කිරීමයි. එම කටයුත්ත නිසා ආදරයේ වැදගත්කම සහ විශ්වාසය සම්බන්ධයෙන් වැලන්ටයින් පූජකවරයාගේ කීර්තිනාමය එරට ඉතා ජනප්‍රියවිය

වැලන්ටයින් පූජකතුමන්ගේ මෙම ක්‍රියාව ක්ලෝඩියස් අධිරාජ්‍යයාටද ආරංචි විය. මෙම ක්‍රියාව දැනගත් ක්ලෝඩියස් අධිරාජ්‍යයා වැලන්ටයින් පූජකතුමා සිරගත කලේය. එයින් නොනැවතී ඔහුට මරණ දඬුවමද ලබා දීමට නියෝග කර තිබේ. 

සිරගතව සිටියදී වැලන්ටයින්  පූජකතුමා සිරකරුවන්ගේ රෝග ආදිය සුවපත් කළ බවද පැවසෙයි. එමෙන්ම ඔහු සිරගත අවධියේදී එහි ප්‍රධාන ආරක්ෂකයාගේ ඇස් අන්ධ වූ දියණියගේ අන්ධභාවය සුවපත් කිරීමට පවා වැලන්ටයින් පූජකවරයා සමත් වූ බව කියයි.

සිරගත කෙරුණු වැලන්ටයින් පූජකතුමා පසුව ඇය සමඟ ආදර සම්බන්ධයක් පටන් ගත් බවද සඳහන්ය. නමුත් අවසානයේ නියමය පරිදි පෙබරවාරි 14 වැනි දිනෙක ඔහුව මරා දැමීමට කටයුතු කෙරෙයි. 

මියයෑමට පෙර ඔහු තමාගේ ආදරවන්තිය වෙත පෙම් හසුනක් පවා ලියා තිබූ අතර එය අවසන් කොට තිබුණේ “ඔබේ වැලන්ටයින් වෙතින්” යනුවෙනි.

වැලන්ටයින් පූජකතුමා ඝාතනය කොට වසර දෙසිය ගණනකට පමණ පසු පෙබරවාරි 14 වැනිදා “වැලන්ටයින් දිනය” ලෙස නම් කරයි. 

ඒ අනුව සෑම වසරකම මෙසේ පෙබරවාරි 14 වැනිදාට යෙදෙන්නේ වැලන්ටයින් දිනයයි. අද වන විට ලොව බොහෝමයක් පෙම්වතුන් සමරන්නේ එම දිනයයි. 

මේ දිනය එදා තිබුණේ රෝමයේ තිබූ පෞරාණික සැණකෙළියක් ලෙසිනි. ඒ අනුව ඊට ඉතා දීර්ඝ ඉතිහාසයක්ද තිබෙන බව කිව යුතුය. වැලන්ටයින් සාන්තුවරයා මේ අයුරින් සිහිපත් කිරීම සඳහා පෙබරවාරි 14 වැනි දින යොදා ගැනීමට තීන්දු කළේ රෝමයේ ක්‍රිස්තු සභාවයි.

වර්තමානය වෙන විට වැලන්ටයින් දිනය යනු මුදලට යට වූ දිනයක් බවට පත්ව තිබේ. තවද ලෝකය පුරා සිටින තරුණියන් බොහෝ පිරිසක් දූෂණයට ලක්වෙන දිනයක් ලෙසද මෙම දිනය පත්ව ඇත. ඒ වර්තමානයේදී වැලන්ටයින් සැමරිල්ලේ හැටිය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here