හැම මිනිසෙකුගේම සිරුරේ අන්තර්ගත විය යුතු සීනි ප්‍රමාණයක් තියෙනවා.මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාව කියලා හඳුන්වනවා.
අප ගන්නා පිෂ්ඨ ජනක ආහාර ජීර්ණය වී එය ග්ලුකෝස් නමැති සරල සීනි බවට පත්වී රුධිරයට උරා ගැනීමෙන් සීනි නිපදවීම සිදුවෙනවා.
සිරුරට ශක්තිය ලැබෙන්නේ සීනි වලින්.
රුධිරයේ වන සීනි සෛල වලට ඇතුළු කිරීමට ඉන්සියුලින් අවශ්‍ය වෙනවා.ඉන්සියුලින් කියන්නේ සීනි අංශු සෛල තුළට ඇතුළුවීමට සැලැස්වීම සඳහා පසුබිම සකසා දෙන දොරටු යතුර. ඉන්සියුලින් නොමැතිව සීනි සෛල තුළට ඇතුළු වන්නේ නැතුව රුධිරයේ සීනි මට්ටම ඉහළ යනවා.
පළමු වර්ගය
මෙහිදී අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් නිපදවීම අඩුවීම හෝ එය ක්‍රියාකාරී නොවීම සිදුවිය හැකියි.බොහෝවිට කුඩා දරුවන් සහ තරුණ අයට ඇතිවිය හැකි මෙම ආබාධයේදී සිරුරට ඉන්සියුලින් සැපයීම පිටතින් සිදු කල යුතු වනවා.
දෙවන වර්ගය
මෙහිදී සිදුවන්නේ ඉන්සියුලින් තිබුණත් ඒවා සෛල මඟින් භාවිතා නොකිරීමයි.මෙම තත්වයට ආහාර පාලනය මඟින් හෝ ඖෂධ මඟින් ප්‍රතිකාර කළ හැකි අතර සමහර විට ඉන්සියුලින් පිටතින් සැපයීම අවශ්‍ය වනවා.
තෙවන වර්ගය
මෙය ගර්භනිතාව හේතුකොටගෙන සැදෙනවා.ගර්භණි දියවැඩියාව ලෙස මෙය හඳුන්වනවා
ඉතින් මේ විස්තර ඔබට දියවැඩියාව රෝගය ගැන පැහැදිලි අදහසක් ලබා දෙන්න සමත් වෙන්න ඇති කියලා අප හිතනවා.ඒ නිසා සීනි වලට බය නොවී සීනි වලට මුහුණ දෙන්න.
Saru FM Media