දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති 2025 විශ්ව සාම සම්මේලනය සඳහා හිටපු ජනපති බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වී සිටියාය.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තබා තිබූ සටහන මෙසේය.
මාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අප්‍රේල් 10-13 දිනවල දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති 2025 විශ්ව සාම සම්මේලනය සඳහා සහභාගී වූවාය.
එම ලෝක සමුළුවට සමගාමීව පැවති කාන්තා සමුළුවේදී “සාමයේ සහ සෞභාග්‍යයේ බලාපොරොත්තු සහගත අනාගතයක් කරා කාන්තාවගේ වැදගත් කාර්යභාරය” යන තේමාව අවධාරණය කරමින් සැසිය අමතා දේශනයක් ද සිදු කළාය.
එම දේශනයේදී ඇය විසින් සිදු කරන ලද පහත ප්‍රකාශය වඩාත් මා සිත් ගත්තේය.
“ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ආර්යාවක ලෙස, ගැටුම් මතින් බිහිවන ජාතීන්ගේ ඔරොත්තු දීමේ හැකියාව මම සියැසින්ම දුටුවෙමි.
අනාගතය යළි ගොඩනැගීමේ දී ඔවුන්ගේ ධෛර්යය මෙන්ම වඩාත් අර්ථවත් යහපත් ලෝකයක් හැඩගැස්වීමේදී කාන්තාවන්ගේ පරිවර්තනීය බලය මම සියැසින්ම දුටුවෙමි.
ඉතිහාසය පුරාම, කාන්තාවන් සාමයේ නිහඬ ගෘහ නිර්මාණ ශිල්පීන් වී ඇත”.
යුද්ධය අවසන් කරමින් සාමය දක්වා ගමන් කරනු ලැබූ අතිශය දුෂ්කර ගමන්මගේ බිරිඳක් ලෙසින් ඇය මට මහත් ශක්තියක් වූවාය. පවුලට එල්ලවූ ජීවිත අවදානම දරා ගනිමින් ජනපති බිරිඳක ලෙසින් මා වෙත ලබා දුන් මානසික නිදහස අසීමිතය. ඇය අද හිටපු ජනපති ආර්යාව ලෙස නියෝජනය කළේ මේ රටේ සමස්ත කාන්තාවය.
උපන්බිම කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමට දිවිදුන් උදාර සෙබළියන් ද, ප්‍රාණ සමාන තම දරුවන්, ස්වාමියා රණ බිමට එවූ එඩිතර මව්වරුන් හා බිරින්දෑවරුන් ද, සාමයේ නිහඬ ගෘහ නිර්මාණ ශිල්පීන්ය.
ආදරණීය බිරිඳ ශිරන්තිට සුබ පැතුම් පිරිනමන අතරම මෙරට සියලු ම ධෛර්යවන්ත කාන්තාවන්ට මගේ ආචාරය පුද කරමි.








Saru FM Media