‘කමාන්ඩෝ සලින්ත’ රිමාන්ඩ්

0
5

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු බව කියන කමාන්ඩෝ සලින්ත නමැත්තා ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම්කර තිබෙන කමාන්ඩෝ සලින්ත නමැත්තා දැඩි ආරක්ෂක විධිවිධාන මැද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතාගේ නිල මැදිරිය තුළට අද (27) ඉදිරිපත් කළේය.

එහිදී විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රත්වරයා මෙම සැකකරු ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here