කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන්ට වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම සඳහා චක්‍රලේඛයක්

0
10

කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් වෙත වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධ නිර්නායක ඇතුළත් චක්‍රලේඛ නිකුත් කර තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය 21 වනදා එම චක්‍රලේඛ නිකුත් කර ඇත.

කම්කරු විනිශ්චය සභාවන්හි පවතින නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ප්‍රධාන අභිලාෂය වන අතර, එම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා අදාළ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, වාර්ෂික වැටුප් වර්ධකය උපයා ගැනීම සඳහා කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් විසින් ඉටු කළ යුතු අවම නියෝග සංඛ්‍යාව පිළිබඳව තීරණයක් ගෙන ඇත.

ඒ අනුව, වැටුප් වර්ධකයට අදාළ වර්ෂය තුළ හබකල නඩු සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ යුතු අවම නියෝග සංඛ්‍යාව 45ක් විය යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම, නිසි පරිදි සම්පූර්ණ කරන ලද වාර්ෂික වැටුප් වර්ධක අයදුම් පත්‍රය, වැටුප් වර්ධක දිනයේ සිට මාස තුනක් ඉක්මවීමට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු බවද, නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙම චක්‍රලේඛයෙන් නියමිත අවම නියෝග සංඛ්‍යාව පදනම් කර ගනිමින්, කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් වෙත වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක වන බව අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here