අපි සැම නිතරම එක එක ආසාදන තත්වයන් ගැන කතා කරනවා. අද කතා කරන්න යන්නෙත් බහුලව අහන්නට දකින්න ලැබෙන ඒත් වැඩි පුර කතා බහට ලක් නොවෙන තත්වයක් ගැනයි. ඒ කනේ ඇති විය හැකි ආසාදන තත්ත්ව ගැනයි. ආසාදනක් කියන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් කාණ්ඩයක් ඒ කියන්නේ වෛරස බැක්ටීරියා හෝ දිලීර නිසා ශරීරයේ අවයවයකට හෝ පද්ධතියකට සිදුවන හානිදායක තත්වයක්.
අපේ කන ප්‍රධානව කොටස් තුනක් ලෙස දැක්විය හැකියි. එනම්, පිට කන, මැද කන හා ඇතුළු කන ලෙසයි.
කන් පෙත්ත මත ඇතිවෙන කැසිම් සිරීම් හේතුවෙන් මෙන්ම එක් එක් විලාසිතා හේතුවෙනුත් කන් පෙත්තේ නොයෙක් ආසාදන ඇතිවිය හැකියි. මෙවැනි අවස්ථාවකදී වුවද නිසි සැලකිල්ල යොමු කොට ප්‍රතිකාර ලබා ගත යුත්තේ කන්පෙත්තේ විකුර්තිතා ඇති විය හැකි බැවිනි.
ඇතුළු කනෙහි ඇතිවිය හැකි ආසාදනවලට මුලිකව හේතු වන්නේ බැක්ටීරියා සහ දිලිර වන අතරම ස්නායු පැපොල යන වෛරස තත්ත්වයද දැක ගත හැකි තත්වයකි.
කනෙහි ඇතුලත අසාදන ඇතිවීමට හේතු :
කන ඇතුලත අසාදන තත්වයකදී,
කුඩා දරුවන් අතර මේ තත්ත්වය බහුලව දක්නට ලැබෙන අතර වෛරස මෙන්ම බැක්ටීරියාද මේ තත්ත්වයට හේතු විය හැකිය. දිලීර හේතුවෙන් මැද කනෙහි ආසාදන ඇති වන්නේ කලාතුරකිනි.
මැද කනේ ආසාදනයකදී රෝග ලක්ෂණ :
මීට අමතරව, කුඩා දරුවන් පහත රෝග ලක්ෂණ පෙන්විය හැක.
සමහර හේතුන් මත කුඩා දරුවන්ට මැද කනේ ආසාදන ඇතිවීම වැඩි විය හැක. එනම්,
එබැවින් ඉහත අවස්ථාවන් අවම කර ගැනීමෙන් ඔබගේ දරුවා මැද කනේ ආසාදන වලින් ආරක්ෂා කරගත හැක. මැද කනේ ආසාදන නිසි පරිදි ප්‍රතිකාර නොකලොත්, මොළය හා හිස් කබලේ අස්ථි දක්වා පැතිරීමේ අවධානමක් තිබේ. එමනිසා, මෙවැනි සංකුලතා වළක්වා ගැනීමට ඉක්මනින් වෛද්‍ය ප්‍රථිකාර වෙත යොමු විය යුතුය.
Saru FM Media