කන්ටේනර් කරුවොත් වැඩිපුර තෙල් ඉල්ලයි

0
5

බහාලුම් ප්‍රවාහනය කරන ලොරි රථවලට ලැබෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ප්‍රවාහන කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තා 

ඉදිරියේදී එම තෙල් ප්‍රමාණය නොලැබුණහොත් භාණ්ඩ ප්‍රවාහනයේ යම් කඩා වැටීමේ අවදානමක් මතුවිය හැකි බව කන්ටේනර් ප්‍රවාහන සංගම් පවසයි.

නව වෙන් කිරීම අනුව කන්ටේනර ලොරියක් වෙනුවෙන් ලැබෙන ඉන්ධන ප්‍රමාණය සතියකට ලීටර් 250කි.

එම ප්‍රමාණය ලීටර් 300ක් දක්වා වැඩි කරන ලෙස කන්ටේනර් ප්‍රවාහන සංගම් වරාය සහ ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප අනුර කරුණාතිලක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම ඉල්ලීම තමා ඛනිජ නීතිගත සංස්ථාවට දැනටමත් යොමු කර ඇති බවයි.

බහාලුම් ප්‍රවාහනයේ දැනට ගැටලුවක් නැතැයිද ඔහු කීය.

එසේම ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග තවදුරටත් සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ බහාලුම් ප්‍රවාහනය සඳහා ප්‍රධාන වශයෙන් අඩි 20 සහ 40 බහාලුම් ලොරි රථ (Container Trucks/Trailers) භාවිතා වෙයි.

වරාය ආශ්‍රිතව සහ දිවයින පුරා භාණ්ඩ ප්‍රවාහනයට මේවා බහුලව යොදා ගැනේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here