සටහන – රුවන් නෙළුගොල්ල
කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී ඇති පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබේ.
මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසිනි.
අල්ලස් කොමිසම පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී එය විභාගයට ගැනීමට තීරණය කර ඇත.
එමෙන්ම වැඩතහනමට ලක්වූ චමින්ද කුලරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක්ද විභාග කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර ඇති බව සඳහන්.
කථානායකවරයාට එරෙහිව චමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පසුගිය 02 වනදා ය. ඒ, වාහන අවභාවිතය, නීතිවිරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබාගැනීම, නීතිවිරෝධී ලෙස රජයට අයත් නිලනිවාස දෙකක් භාවිතා කිරීම ඇතුළු දූෂණ චෝදනා 8ක් යටතේ ය.
සබැඳි පුවත් –
Saru News










