කට ලෙඩ වුණොත් හමාරයි

0
14


මුඛය ආශ්‍රිත රෝග වලට බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒ වගේම මේ සියලු රෝගයන් ඇතිවීමට ප්‍රධාන හේතුව  නොසැලකිලිමත් කම කියල හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රෝගී තත්වයන් තමා මුඛය ආශ්‍රිතව ඇති විය හැකි වන්නේ …

සාමාන්‍ය ව්‍යවහාරයේ මුඛ වණ හඳුන්වන්නේ සැරව බිබිලි නමින්. කුඩා වේදනාකාරී බිබිළක් ලෙස මතුව ඇතැම් විට දින කිහිපයක් වුවත් පවතින මේවා ඇති වන්නේ වෛරසයක් නිසා. එවන්  බිබිළි ඇති අයෙකු සිප ගැනීමෙන් පවා එම වණ අනෙකාට බෝ විය හැකියි. සාමාන්‍යයෙන් වැඩි තරල ප්‍රමාණයක් ලබා ගැනීමෙන් හෝ වෛද්‍ය ප්‍රතිකාර මඟින් පහසුවෙන් සුව කර ගත හැකියි.

මෙය ත්‍රෂ් ලෙස හඳුන්වනවා. දිව මත සුදු පැහැති හෝ කහ පැහැයට හුරු තට්ටුවක් ඇතිවීම තමා මෙහි ප්‍රධානම ලක්ෂණය. මෙය වේදනාකාරී වගේම දිව ඉදිමීමකට ලක් විය හැකියි. මේ රෝගයට හේතුව වන්නේ නිවැරදි පරිදි දිව හෝ මුඛය පිරිසුදු නොකිරීමයි. මෙය ප්‍රතිකාර ලබා ගත යුතුම තත්වයක් වනවා.

හරියාකාරව දිව නොමැද්දොත් මෙන්න මේ ගැටලුව ඇති වෙනවා. වැඩිපුර තේ කෝපි ඇතුළු කැෆේන් අඩංගු පාන ගන්නා අය අතරත් මෙය සුලබ තත්වයක්. මෙහිදී දිව කළු පැහැයට හුරු තද අඳුරු වර්ණයක් ගන්නවා. මුඛය වියලිමකට ලක් වෙනවා.

විටමින් භාවිතය අවම නම්, දැඩි ආතතියෙන් පෙළෙනවා නම් කැන්කර් බිබිළක් මතුවීම පුදුමයක් නොවේ. මෙය බෙහෙවින්ම වේදනාකාරියි.

දත්වල කුහර ඇති වීම අතිශයින්ම වේදනාකාරී තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කුහර නැවත සැකසීමේ ඉඩක් තිබෙනවා. නමුත් ඊට වඩා දිරා ගිය දත් ගලවා ඉවත් කළ යුතුයි.

හකු ඇටය සම්ම්බන්ධ වේදනා තමා මේ ලෙස හඳුන්වන්නේ. මෙයත් දරා ගැනීමට අපහසු වේදනාත්මක අත්දැකීමක්.

නම වගේම රෝගයත් ටිකක් අමුතුයි. මෙය ඇතිවන්නේ කම්මුලේ ඇතුළු පස කෙළවරට වන්නටයි. දත් ඇඳි අසාමාන්‍ය ලෙස කම්මුලේ වදිනවා නම්, දුම් බීමට, බුලත් විට හෝ බබල් ගම් සැපීමට පුරුදු වූ අයෙක් නම් මේ රෝගය සුලබයි.

දුර්වල දන්ත සෞඛ්‍යය නිසා තමා විදුරුමස් රෝග ඇතිවෙන්නේ. ඊට අමතරව වැරදි දත් මැදීමේ ක්‍රම සහ ඕනෑවට වඩාත් දත් මැද්දොත් මේ රෝගය සෑදෙන්න පුළුවන්.

ඉතින් නිවැරදිව පිරිසුදු කිරීම් සහ නිවැරදි මුඛ සෞඛ්‍ය පුරුදු පිළිපැදීමෙන් ඔබේ එදිනෙදා කරදර වලින් සෑහෙන්න ප්‍රමාණයක් අවම වන බව පැහැදිළියි නේද ?

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here