කටුනායකින් ඩුබායි වෙත ගුවන් ගමන් ඇරඹෙයි

0
4

කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි වෙත අද (04) දින ගුවන් ගමන් 04 ක් ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර තිබේ .

ඒ අනුව අද (04) දින පස්වරු 01.34 ට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී. – 821 ගුවන් යානය සහ පස්වරු 02.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 231 දරන ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය .

එසේම අද (04) දින රාත්‍රී 06.15 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරන ගුවන් යානය සහ රාත්‍රී 09.50 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටත්ව යාමට නියමිතය .

එමෙන්ම අද දින අලුයම 12.00 ට ඕමානයේ මස්කට් නුවර සිට ස්මාර්ට් වින්ග්ස් ගුවන් සේවයේ 3.ඉසෙඩ්.- 7648 දරන ගුවන් යානය ගුවන් භාණ්ඩ තොගයක් රැගෙන සහ අලුයම 12.05 ට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8.ඩී.- 822 දරන ගුවන් යානය මගීන් 133 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 06 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

මීට අමතරව අද දින පස්වරු 04.50 ට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානය සහ රාත්‍රී 06.45 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here