වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ ධුරයේ වැඩබැලීම සඳහා කේ.සී ආරියවංශ මහතා පත් කර තිබේ.
ඒ අනුව ඔහු දැනට එම ධුරයේ වැඩබලන ආර්.පී ඕලුගල මහතා නැවත රාජකාරීයට වාර්තා කරන තෙක් එම ධුරයේ රාජකාරිය හොබවනු ඇත.
මේ වනවිට කේ.සී ආරියවංශ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරයේ රාජකාරී කරනු ලබයි.
එ් අනුව ඔහු එම ධුරයේ රාජකාරියට අමතරව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ධුරයේද වැඩ බැලිය යුතුවේ.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ආර්.පී ඕලුගල මහතා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
Saru News









