ඕමානය ආසන්නයේ තෙල් නැවකට ප්‍රහාරයක්

0
5

ඕමානයේ මසන්දම් වෙරළට නාවික සැතපුම් 5ක් පමණ දුරින් තෙල් නැවකට ප්‍රහාරයක් එල්ල වූ බව එරට සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය පවසයි.

‘CNN’ ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලැබූ බවය. 20 දෙනෙකුගෙන් යුත් සමස්ත කාර්ය මණ්ඩලයම ඉවත් කර ඇති බවද සඳහන්ය.

‘ස්කයිලයිට්’ ලෙසින් හැඳින්වූ මෙම නෞකාවේ බටහිර පැසිෆික් සාගරයේ කුඩා දූපත් රාජ්‍යයක් වන ‘පලාවු’ රාජ්‍යයේ ජාතික ධජය ලෙළ දුන්බව වාර්තාවේ.

ඕමාන නාවික හමුදාව සහ හමුදාව විසින් ගලවාගැනීමේ කටයුතු සිදු කළ බව සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය වැඩිදුරටත් පැවසීය.

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීම අරමුණු කරගත් ඉරානය සහ එක්සත් ජනපදය අතර මෑත කාලීන සාකච්ඡා සඳහා ඕමානය ප්‍රධාන මැදිහත් රාජ්‍යක් ලෙස කටයුතු කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here