ඕනෑම තර්ජනයකදී ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් රැකීමට තීරණාත්මක පියවර ගන්නවා – නරේන්ද්‍ර මෝදි

0
6


පාකිස්ථානයට එරෙහිව දියත් කළ සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (12) ජාතිය අමතනු ලැබුවා.

ජීවිත 26 ක් බිළිගත් පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සිදුකළ සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

එය ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිපත්තියක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

පාකිස්ථානයට එල්ල කරන ප්‍රහාර අවසන් වී නැති බවත්,එම ප්‍රහාර අත්හිටුවා ඇත්තේ පාකිස්ථානය ත්‍රස්තවාදීන්ට එරෙහිව පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසුව පමණක් බව ද මෝදි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඉන්දියාව පාකිස්ථානයේ ක්‍රියාමාර්ග සමීපව නිරීක්ෂණය කර ඒ අනුව ක්‍රියා කරන බවයි ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ.

පාකිස්තානය සමඟ සාකච්ඡා තිබේ නම් එය හුදෙක් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වූ සාකච්ඡා පමණක් බවත් බුදුරජාණන් වහන්සේ විසින් ඉන්දියානුවන්ට සාමයේ මාර්ග පෙන්වා දී ඇති බැවින් සෑම ඉන්දියානුවෙකුටම සාමයෙන් ජීවත් වීමට හැකි විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ඕනෑම තර්ජනයකින් ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණාත්මක පියවර ඉදිරියේ දී ගන්නා බවත් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here