ඔසප් කාලයේ ලිංගික එක්වීමෙන් ලැබෙන වාසි.

0
16


කාන්තාවකගේ සක්‍රීය ප්‍රජනන වසර කිහිපය තුළ, සාමාන්‍යයෙන් මාසයකට වරක් ඔසප් වීම සිදු වෙනවා. ඔබට විශේෂයෙන් වෛද්‍ය උපදෙස් ලැබී නැත්නම්, මේ දිනවලදී ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළකිය යුතු නැහැ. නිසි දැනුවත්වීමක් සමඟ ඔසප් දිනවලදී ලිංගික සබඳතා පැවැත්වීමෙන්, ඔබට නොහිතන වාසි බොහොමයක් ලැබෙනවා. ගැටලු සහගත නිසා ඔසප් දිනවල ඔබේ ලිංගික සක්‍රියතාව නැති කරගත යුතු නැහැ. අවශ්‍ය වන්නේ දෙදෙනාගේම අවබෝධය සහ එකඟතාවයයි.මෙවැනි දිනවල ලිංගිකව එක්වීමෙන් ඔබ ලබන වෙනස් අත්දැකීම තුළින් ඔබේ විවාහ සබඳතාවය ශක්තිමත් වේවි.

අපේ මග පෙන්වීම ඔබටයි. 

හෝමෝනවල ක්‍රියාකාරීත්වය මත ඔසප් චක්‍රයේ විවිධ දිනවල ලිංගික ආශාවේ අඩු වැඩි වීමක් ඇති බව ඔබත් අත් විඳ ඇති. බොහොමයක් කාන්තාවන්ට ඔසප් දිනවලදී ලිංගික ආශාව වැඩි බව හෙළි වී තිබෙනවා. ඉතින් ආශාවෙන් සිටින මොහොතක සංතෘප්ත නොවී සිටින්නේ කුමටද? 

කාන්තාවන් අතර ඔසප් සමයේ වේදනා සුලබයි. ලිංගික ක්‍රියාකාරකම් නිසා රුධිර ගලනයට පහසු වෙනවා. එමගින් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට පහසු වීම නිසා වේදනාව සමනය වෙනවා. එමෙන් ම, සුරතාන්තයේදී සතුටු හෝමෝන නිකුත් වීම නිසා මානසික පීඩනය අඩු වී, සුවපහසු මනසකින් යුතුව ඉන්නට ලැබෙනවා. 

ලිංගික ක්‍රියාකාරකම් නිසා වඩාත් ඉක්මනින් ගර්භාෂයෙන් රුධිරය පිටතට ගලා ඒම සිදු වෙනවා.ඔසප් සමය කෙටි වන්නේ එහි ප්‍රතිපලයක් ලෙසයි.

මේ සම්බන්ධව කතා කිරීමේ දී මුහුණ දීමට සිදුවන මුල් ම ගැටලුව වන්නේ අපිරිසිදු වීමයි. එහෙත් ගැළපෙන තැනක් යොදා ගැනීමෙන්, මනා පූර්ව සූදානමින්, හැකි විගස පිරිසිදු වීමෙන් ඔබට මෙම ගැටලුව පහසුවෙන් ම මග හරවා ගන්න පුළුවන්.

ඔබ ඔසප් සමයේ භාවිතා කරන්නේ tampons නම්, අනිවාර්යයෙන් ලිංගික එකතු වීමකට පෙර එය ඉවත් කළ යුතුයි. එසේ අතපසු වීමෙන් එය ඉවත් කිරීමට වෛද්‍ය සහය ලබා ගැනීමට සිදු වෙනවා. 

ඔසප් සමයේදී ගැබ් ගැනීමේ හැකියාව අඩු මිස නැත්තට නැති නොවේ. ඒ අනුව ඔසප් සමයේ ලිංගික සබඳතාවකින් පවා පිළිසිඳ ගැනීමකට හැකියාවක් තිබෙනවා. ඔබ දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන්නේ නැති නම්, ඔසප් චක්‍රයේ කුමන අවස්ථාවක ලිංගික සබඳතාවක් පැවැත්වූවත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම වැදගත්.

ශුක්‍රාණුවක ජීව කාලය දින හතක් ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව එය ඔබේ සිරුරට ඇතුල් වී දින හතක් සක්‍රීය තත්ත්වයේ පසු වෙනවා. ඔබ ඔසප් සමයේ ලිංගික සබඳතාවක් පැවත්වූවා යැයි සිතමු. එවර ඔබේ චක්‍රය දින 22කට සීමා  වුවහොත්, ඔබගේ ඔසප් දින කිහිපය අවසන් වූ වහාම ඔබේ සරු කාලය ඇරඹෙනවා. එවිට, ඩිම්බයක් නිකුත්වන අවස්ථාවේදී ශුක්‍රාණු සක්‍රීය ව පැවතියහොත් ඔබ ගර්භනී තත්ත්වයට පත් වීමේ හැකියාවක් තිබෙනවා. 

ලිංගික ව සම්ප්‍රේෂණය වන රෝග බෝ වීමට ඔසප් දිනක් ද නැද්ද යන්න අදාළ වන්නේ නැහැ. ඒ නිසා සෑම අවස්ථාවකදී ම, ඒවායින් වැළකීමට කොන්ඩම් හෝ අදාළ වෙනත් යමක් පාවිච්චි කළ යුතුයි. අනවශ්‍ය ගැබ් ගැනීම් ද ඉන් වැළකෙනවා.

ඔබේ ඔසප් සමය වේදනා සහිත නම් ඔබට මෙම ඉරියව්ව උත්සහ කර බලන්න පුළුවන්. ඔබ උඩුකුරුව වැතිරී දෙපා කෙළින් හෝ නිදහසේ වාතලයේ තබා ගනිමිනි. එය ඔබට වඩා සුවපහසුවක් දනවනවා මෙන්ම ඔසප් ක්‍රියාවලියට පහසු කරනවා.

ස්නානය අතරතුර ලිංගික ව එකතු වීමත් ඔසප් සමයේ ඔබට අත්හදා බලන්නට පුළුවන්. මද උණුසුම් ජලය සිරුරට පතිත වන විටත් ඔබේ ඔසප් වේදනා අඩුවේවි.

ඔබ ඔසප් සමයේ අධික රුධිර වහනය නිසා ලිංගික ක්‍රියාකාරකම්වලින් මිදෙන්නට උත්සාහ කරනවා නම්, මේ ඉරියව්ව ඔබටයි.
ඔබ උඩුකුරුව, කලවා සහ දෙපා තද කරගෙන සිටින අතර ඔබේ සහකරු දණහිස් දෙකට බර වී උඩු කය සෘජුව තබා ගැනීම මෙම ඉරියව්වයි. මෙහි දී ඔබේ ශ්‍රාවයන් පිටවීම සාපේක්ෂව අඩුවීමක් දැකිය හැකියි.

සහකරුගේ සිරුරේ රුධිරය තැවරෙනු දැකීම ඔබට තරමක් අපහසු නම්, මෙම ඉරියව්ව ඔබට උදව් කරාවි. තුවායකින් ආවරණය කරන ලද කොට්ටයක් මත උදරයෙන් වැතිරී දණගසාගෙන සිටීමේ ඉරියව්වයි. ඔබට අප්‍රියජනක කිසිවක් පෙනීමට මෙම ඉරියව්වෙන් ඉඩක් නැහැ

ඔසප් සමය ආරම්භ වීම නිසා ඔබේ ලිංගික ජීවිතයට බාධක පමුණුවා ගත යුතු නැහැ. ඒ දිනවල ඇතිවන මානසික පීඩනය මගහැරීමටත් – කායික වේදනා දුරලීමටත් ලිංගික සබඳතා බොහෝ සෙයින් උපකාරී අයුරින් ඔබ විස්මයට පත් වෙනවා නොඅනුමානයි



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here