පුංචි පැටියෙක් මේ ලෝකෙට බිහි වීමත් එක්කම අම්මගේ තාත්තගේ වැඩ කොටස දෙගුණ වෙනවා. පැටියට කිරි පොවන්න, තෙමා ගන්නා වාරයක් වාරයක් පාසා නැපි මාරු කරන්න, මලපහ ඉවත් කරලා පිරිසිදු කරන්න අම්මට තාත්තට සිද්ද වෙනවා. නිතර නිතර තෙමා ගැනීම් හේතුවෙන් දරු පැටියාට මුහුණ දෙන්න සිදු වෙන අපහසුතාවයන් ගැන හැම අම්මා කෙනෙක්ම දුක් වෙනවා. ඒත් මේ ගැටලුවට පිළියමක් ලෙස ඩයපර භාවිතයට හුරු වෙන්න බහුතරයක් මව්වරුන් අකමැති වන්නේ ඩයපර නිසා සම ගොරෝසු වීම්, දෙපා අතර කැපීම්, නැපි දද වැනි තත්ත්වයන් හේතුවෙන් දරුවා අපහසුතාවයන්ට ලක්වෙයිද යන සැකය නිසයි.
අද වෙනකොට ලෝකයේ දියුණු රටවල අලුත උපන් ළදරුවන්ට සාමාන්‍යයෙන් ඩයපර භාවිත කළත් අපේ රටේ ළදරුවන්ට මාසයක් දෙකක් ගත වන තුරුම ඩයපර භාවිතය සිදුවෙනවා අඩුයි. ඇතැම් විට ඒ මව්වරුන්ගේ නොදැනුවත්කම නිසා ඩයපර ඇන්දවීම ළදරුවාට අපහසුවක් ලෙස සිතනවා විය හැකියි. එසේත් නැතිනම් පුර්ව සුදානමකින් තොරව ඩයපර ඇන්දවීම නිසා සමේ ආසාධන තත්ත්වයන් ඇති වීම වැනි අත්දැකීම් ලබා තිබීම නිසා විය හැකියි. එසේත් නැතිනම් උසස් තත්ත්වයේ ඩයපර වර්ගයක් තෝරා ගැනීමට ඇති නොදැනුවත්කම නිසා විය හැකියි. එහෙමත් නැතිනම් වැඩිහිටියන්ගේ උපදෙස් නිසා විය හැකියි. කෙසේ වුවත් නියම තත්ත්වයේ ඩයපරයක් ඔබ තෝරාගන්නවා නම් කිසිදු ගැටලුවක් මතු නොවනු ඇත.
ඔබේ බිලිඳාට ඩයපර තේරීමේදී ඔබ අවධානය යොමු කළ යුතු මෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම තිබෙනවා.
ඔබ තෝරාගන්නා ඩයපරය පළමුවෙන්ම ඔබේ දරුවාට සුවපහසුව සලසන බවට තහවුරු කරගන්න. ඩයපරයක මතුපිට ඉතා සුමුදු බවින් යුතු වීම මල්පෙත්තක් වැනි වූ බිලිඳු සමට උපරිම පහසුව ලඟා කරවීමට අත්‍යවශ්‍යම සාධකයකි. කපු වැනි මතුපිටක් ඇති බේබි ෂෙරමි ඩයපරය ඔබේ දරුවාට සුමුදු බවක් දනවන අතරම උපරිම සුව පහසුවක් ද සලසයි
යම් ඩයපරයකින් වාතාශ්‍රය ගමන් කිරීමේ කාර්යභාරය මනාව ඉටු වේ නම් බිලිඳු සම මත ඇති විය හැකි ආසාත්මිකතා වැළකීමේ සුවිශේෂී හැකියාවක් එම ඩයපරය සතුය. අන්න ඒ නිසාම මව්වරුන් ඒ පිළිබඳව උපරිම අවධානය යොමු කළ යුතු වේ.
එසේ වාතාශ්‍රය ගමන් නොකරන්නේ නම් දහදිය මෙන්ම තෙත් බව නිසා බිළිදු සමේ ආසාත්මිකතා ඇතිවිය හැකියි. වාතාශ්‍රය හොඳින් ගමන් කළ හැකි වන පරිද්දෙන් සැකසුණු බේබි ෂෙරමි ඩයපරය භාවිතය ඔබේ දරුවාගේ මෘදු සමට මනා සුවයක් එක්කරයි. තවද ඒ හැකියාව සම මත ආසාධන ඇතිවීමේ ප්‍රවනතාවය අවම කරවයි. ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටකට මනාව ගැලපෙන ලෙස නිපදවා ඇති බේබි ෂෙරමි ඩයපරය නිසා ඔබේ දරුවා සැමවිටම සතුටෙන් සිටියි.
සාමාන්‍යයෙන් කුඩා දරුවෙකු ඩයපරයක් හැඳ සිටින විට කකුල් දෙක අතර රඳවා ගත නොහැකි තරම් පිම්බී තිබීම මෙන්ම එල්ලා වැටීම දරුවෙකුගේ දෛනික ක්‍රියාකාරකම් සඳහා බාධාවකි. සැබවින්ම වෙළඳපොලේ ඇති බොහොමයක් ඩයපර මහතින් වැඩිය. අන්න ඒ නිසාම මහතින් අඩු තුනී ඩයපරයක් ඕනෑම දරුවෙකුට වඩාත් සුදුසු වේ. දරුවන්ගේ මෙවන් අපහසුතා හඳුනාගන්නා බේබි ෂෙරමි ප්‍රමාණයෙන් ඉතා තුනී ඩයපරයක් හඳුන්වා දෙන්නේ ඒ නිසාමය. තුනී බවින් යුතු බේබි ෂෙරමි ඩයපරය මගින් දරුවාගේ ක්‍රියාකාරකම්, චලන, නම්‍යශීලි බවට වැඩි පහසුවක් සැලසෙනු ඇත.
බේබි ෂෙරමි ඩයපර මේ වන විට වෙළඳපොළේ ඇති ඉතාම තුනී (Ultra thin) එකම ඩයපරයයි. මෙහි තුනී බව කිසිදු විටෙක උරා ගැනීමේ හැකියාවට බාධාවක් නොවේ. මන්ද මෙම ඩයපරයේ ඇති සුවිශේෂී තාක්ෂණය මගින් ඒ මත වැටෙන දියර සියල්ල සැණින් උරා ගන්නා අතරම එසේ උරා ගන්නා දියර නැවත මතුපිටට නොපැමිණෙන සේ සිර කර ඇතුළතම රඳවා ගැනීමට සමත්ය. ඒ නිසා කිසිදු විටෙක තෙත ගතිය හෝ කාන්දු වීම් නිසා දරුවා අපහසුතාවයට පත් නොවේ. කිහිප වරක් තෙත් වුවද දිගු වෙලාවක් පුරා වියළි බව සුරැකීමට බේබි ෂෙරමි ඩයපරය සමත්ය.
ඔබේ බිලිඳාට ආසාධන තත්ත්වයන් ඇති නොකරන ළදරු සමට ආරක්ෂාවක් ගෙනදෙන විශ්වසනීය වෙළඳ නාමයක් යටතේ එන උසස් නිෂ්පාදනයක් තෝරාගැනීම මව්වරුන් වන ඔබේ වගකීමයි. සැමවිටම ඔබේ දරුවාගේ බරට අදාළ ප්‍රමාණයන්ගෙන් (Size) ඩයපර ගැනීමට මව්වරුන් කල්පනාකාරී වීම තුළින් දරුවාට ඇති විය හැකි අනවශ්‍ය අපහසුතා තව තවත් අවම කර ගත හැකිය. අද වන විට වෙළඳපොලේ ඇති තුනී බවින් වැඩි (Ultra Thin) එකම ඩයපරය වන්නේ බේබි ෂෙරමි ඩයපරයයි. ඔබත් ඔබේ දරුවා වෙනුවෙන් හොඳම දේ තෝරාගන්න.
Saru FM Media