කොළඹ LNW:නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද (10) රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ විය.
එම සමාරම්භක අවස්ථාවටජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වූ අතර ජනාධිපතිවරයා නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වෙත ගොස්, නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, නුවරඑළිය පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්යක්ෂ, නුවරඑළිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය කිරිඔරුවේ ධීරානන්ද ස්වාමින් වහන්සේ බැහැ දැක රාජ්‍ය වෙසක් උත්සවයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීම සිදුකර තිබුණි.
මෙහිදී ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාව සමඟද කෙටි සුහද පිළිසඳරක යෙදී ඇත.
Saru FM Media