ඔප්පුවක්වත් නැති අයටත් නිවාස ණය දෙන වැඩසටහනක් අරඹයි

0
20


ඔප්පු නැති, එහෙත් පදිංචිය තහවුරු කළ හැකි ඉඩම් හිමි පුද්ගලයන්ට නිවාස ණය දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘සැමට නිවහන’ 2025 නිවාස ණය වැඩසටහන මඟින් පහසුකම් සලසා තිබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක මේ ණය යෝජනා ක්‍රමය යටතේ ණය ඉල්ලුම්කරුට නීත්‍යානුකූල ඔප්පුවක් නැති නම් තමා දීර්ඝ කාලයක සිට අදාළ ස්ථානයේ පදිංචිව සිටින බව ග්‍රාම නිලධාරි විසින් සහතික කර, එය ප්‍රාදේශීය ලේකම් විසින් අනුමත කර තිබිය යුතුය.
එමෙන්ම අදාළ ඉඩම රක්ෂිතයකට අයත් නොවන්නක් වීමද මෙහිලා වැදගත් වනු ඇත.
එමෙන්ම ණයකරුට අවුරුදු 60 දක්වා ණය ඉල්ලුම් කළ හැකි අතර, වයස අවුරුදු 60 ඉක්මවන්නේ නම් හවුල් අයදුම්කරුවකු හා එක්ව ණය ඉල්ලුම් කළ හැකිය.
12%ක වාර්ෂික පොලියක් මත රුපියල් ලක්ෂ 15 දක්වා නිවාස ණය මෙසේ ඉල්ලුම් කළ හැකි අතර, නව නිවෙසක් තනාගැනීමට මෙන්ම නිවෙසට කොටසක් එකතු කිරීමට හෝ නිවෙසේ ඉතිරි වැඩ කටයුතු සිදු කිරීමට හෝ ණය ඉල්ලුම් කළ හැකි අතර ණය ආපසු ගෙවීම සඳහා වසර 10ක උපරිම කාලයක් හිමි වනු ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here