‘ඒ‘ යනු වෙනස් විය හැකි දෙයක් බව හැඟෙන රගර් ක්‍රීඩාවක් ලංකාවේ අනාගතයට අවශ්‍යය කර තිබේ

0
14


නිශ්මං රණසිංහ අප්‍රේල් 23 කොළඹ LNW :

දැන් ලංකාවේ රගර් කතාව ආසියාවේ දෙවැනියාව, 2027 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම දක්වා ගමන් කරනු ඇතැයි සිතන ප්‍රශස්ත බලාපොරොත්තුවක ඉහළටම ගිහිල්ලා.මේ සුදුසුකම ලෝක වර්ගීකරණයේ ඉදිරි පෙළක සිටිම නිසා එම තේරිම සඳහා සටන් වදින්නට ලැබීමෙන් ලද අවස්ථාවක් යන්න පිළිගත යුතු ඇත්තකි.ආසියාකරේ තරග වැදෙන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණානම් සමහර විට මීට පෙර මේ අවස්ථාවඋරගා බලන්න ඉඩ ලැබෙන්න තිබුණා.පසුගිය කාලයේම ආසියාව ශ්‍රී ලංකාවට තරග පිටියට පිවිසෙන්න ඇති පාරවල් වැහීම බරපතල විදිහට කරගෙන ගියා.ආසියානු තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සහභාගි වෙන්න සිඳු වුණේ ආසියානු ඔලිම්පික් විසින් යම් ආකාරයක තර්ජනාත්මකව ඇමතීමෙන් පසුවයි.ඉන් පසුව ඒ වන විට සකස් කර තිබුණු තරග කාල සටහන් වෙනස් කර ඒවා සකස් කර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය ඇති කණ්ඩායම ඇතුළත් කරන්නට ආසියානු පරිපාලනයට සිඳු වුණා.

එවැනි බලපෑම් මත ලංකාවේ රගර් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ජාතික කණ්ඩායමට නොමිලේ හලපු දහඩියෙන් ලද එම ජයග්‍රහණයෙන් පසුව අප්‍රේල් 14 වන ලෝක ශ්‍රේණිගත කිරීම්වල තිබුණ අංක 40 තත්ත්වය වෙනස් වෙලා.මැලේසියාවට එරෙහිව ලද විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුව අප්‍රේල් 21 දා සිඳු වූ නවතම ශ්‍රේණිගත කිරීම්වලදී 39 වන තැනට පැමිණ තිබෙනවා.එම ජයග්‍රහණය, ඉහත සියලු බලපෑම් අස්සෙ ලංකාවේ රගර් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඒ කුණු ගොඩවල් වෙනුවට රටට ජය ගෙන දිමේ අභිලාෂයෙන් අතින් වියදම් දරාගෙන කරපු කැපවීම නිසයි.

මුලින්ම සඳහන් කළ පළිගැනීමේ අදහස සහ විරෝධය පිටුපස ලංකාවෙ රගර්වලට අයහපත් අත්දැකීම් එකතු කරපු මිනිස්සුන්ට, ලංකාවෙන් ඒ කරපු වැරදිවලට දඩුවම් නොදිම නිසා ආසියාවෙ ලොක්කො එක්ක ගනුදෙනු කරන්න ලැබීමේ ආදීනව තියෙනවා.නිකමට හිතල බලන්න ලංකාව අපිකීර්තියට පත් කරලා පවුම් 50000 ක දඩයක් රටට ගෙවන්න වෙච්චි සහ ඒ දඩය ලංකාවෙ රගර් උන්නතියට හම්බවෙන මුදල්වලින් වාර්ශිකව ගෙවා දාන්න තීරණය කරපු මිනිස්සු රටට සහ රටේ ක්‍රීඩාවට ආදරේ ඇද්ද? වියදම් වුණේ කොහොමද කියලා ඔප්පු කරන්න බැරි මිලියන 55 ක මුදලකින් ලංකාවෙ රගර් ණය කරපු මිනිස්සු රගර්වලට ආදරේ ඇද්ද? එතකොට ආසියානු සභාපතිවරයා පත්වෙන වෙලාවෙ ලංකාවට උදව්ත් අරගෙන ඒ මනුස්සයට ලංකාවෙ ඡන්දෙ නොදුන්න නිසා ලංකාව එක්ක තියෙන තරහ පිරිමහන්න උඩින් සඳහන් කරපු මිනිස්සු තෝරා ගැනීම ගැන අපි කොච්චර කිව්වත්,ලංකාවෙ වත්මන් දේශපාලනය, ඉහත අශුද්ධ ලංකාවට හිතකර නොවන සංධානය එක්කම එක රෑනක් විදිහට වැඩ කරන හැටි තමයි පේන්න තියෙන්නෙ.

ආසියාවෙ සභාපති ලංකාවෙ රගර් ව්‍යවස්ථාව වෙනස් කරලා A කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට වැඩි බලයක් අයිති වෙන විදිහට වැඩ නොකළොත් රගර් තහනම් කරනවා කියනවා.අපේ රටේ ආණ්ඩුවෙ නිලධාරියාගේ ඉදලා දේශපාලකයා දක්වා මේ කතාව ඉහ මුදුණෙන් පිළිගෙන ලංකාවෙ නීතියවත් මායිම් නොකර ආසියාවෙ සභාපතිට එහෙයි කියනවා.ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. දැන් මේ කියන ක්‍රීඩා සමාජ තරග සඳහා දක්වන වියදම් ආදිය ආර්ථික වශයෙන් තක්සේරු කරලා තමයි ආසියානු සභාපතිවරයා මේ A ක්‍රිඩා සමාජ සම්බන්ධ තර්කය ගොඩ නඟන්නෙ.ලංකාවෙ බලධාරින් ඊට පිළිතුරු විදිහට A ක්‍රීඩා සමාජ ආර්ථික වශයෙන් උපයන්න රජයේ බදු සහන යටතේම ලබා ගෙන ඇති දේපළ සහ මත්පැන් විකිණීමේ බලපත්‍ර ආදිය පෙන්වා දෙන්නේ නැද්ද? ඔවුන්ට A ක්‍රීඩා සමාජ ලෙස නැඟී සිටීමට හැකි ආර්ථික ශක්තිය පොම්ප කිරීමට රජයෙන් මේ වන විටත් දැවන්ත පරිසරයක් සකස් කර දී ඇති බව කියන්නට බැරි ඇයි?

විශේෂයෙන්ම රාජ්‍යතාන්ත්‍රික දේශපාලනික පළපුරුද්දක් තියෙනවනම් ආසියානු සභාපතිවරයා මේ කරන බලපෑම රටක නීතිය අනුව ස්ථාපිත යම් ව්‍යවස්ථාපිත සංවිධාන ව්‍යහුයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීමේ වෑයමක් බව තේරුම් ගත යුතුය.ඒ මරණය වැළක්වීම වෙනුවට ඝාතකයාට කඩුව මැද අතට දීමේ නිලධාරීත්වය සහ දේශපාලක භූමිකාව ක්‍රීඩාවට සීමා නොවුණු රටක නොදැකිය යුතු අප්‍රසන්න අත්දැකීමක් නොවේද?

ලංකාවේ A ක්‍රීඩා සමාජ සුවිශේෂී විශාල ස්ථාවරයක සිටින බව සහ අනිත් ක්‍රීඩා සමාජවලට එම තත්ත්වයට නැඟෙන්නට අභියෝග කරන්නට නොහැකි අන්දමේ තත්ත්වයක් ඔවුන්ට ලැබී ඇති වරප්‍රසාද සහ ආර්ථික බදු ඔස්සේ නඟාගෙන තිබෙන බවත් ආර්ථිකය සම්බන්ධ කිරා මැන බැලීමකින් අවබෝධ කර ගන්නට වරලත් ගණකාධිකාරී ක්‍රීඩා ඇමතිවරයාටවත් නොහැකිද?

කලකට පසුව මෙවර ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය A කාණ්ඩයට උසස් වූ බව අපි දනිමු.ඒ සඳහා සටන්කාමී ලිවීමක මූලිකවම සිටියේ සහ එම ක්‍රීඩා සමාජ ප්‍රධානියා සහ වත්මන් රගර් බලධාරියා ලෙස සිටින අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතර මුණ ගැසීම කරන්නටද මැදිහත් වූයේ අපය.මේ සල්ලිකාර A ක්‍රීඩා සමාජ ජාත්‍යන්තර තරගයකට යාමට ශ්‍රී ලංකා කණ්ඩායමකට අවශ්‍යය අනුග්‍රහය සම්බන්ධයෙන් නොදුටු නියාව කල් ගෙවද්දි ශ්‍රී ලයන්ස් ඊට ඉදිරිපත් වන තෙක්ම,මේ A කාණ්ඩයේ ක්‍රීඩා සමාජ තරග වදින්නට ශ්‍රී ලයන්ස්ලාට ක්‍රීඩා පිටියක් නොමැතිවීම ප්‍රධාන තර්කයක් කර එම ක්‍රීඩා සමාජයට A ක්‍රීඩා තරගාවලියට අවස්ථාව දීමට හරස් විය.

අද ශ්‍රී ලයන්ස්ලා එම ඇත්ත ඉතිහාසය පාපොච්ඡාරණය කරයිද යන්න අපි නොදනිමු.එහෙත් රගර් කේෂ්ත්‍රයේ හෘදය සාක්ෂියක් ඇති අයෙකුට මේ කෙටිකාලීන ඉතිහාසය අමතක කළ නොහැකි අතර කාට හෝ ඒ ඉතිහාසය කියවා ගැනීමට අවශ්‍යයනම් ශ්‍රී ලයනස්ලාට සාධාරණය ගෙන එනු පිණිස අප තැබූ සටහන්ම අතීතය හාරා සොයා ගන්නට හැකිය.

ක්‍රිඩා අමාත්‍යවරයා ද වසරකට මේ A ක්‍රීඩා සමාජ වියදම් කරන මුදල් ගැන තක්සේරුවක සිටිනවා විය යුතුය.ඔහු සිය වෘත්තියට සංවේදීව එම මිල ගණන් දෙස බලා සිටිනවා විය යුතුය.එහෙත් එම මිල වැය කිරීමට ඔවුන්ට හැකියාව ඇති කරන ඉපයිම වෙනුවෙන් ලබා දී ඇති සහන සහ ලංකාවේ ඒ නොවන ක්‍රීඩා සමාජවලට ඇති අපහසුකම් ක්‍රීඩාමය වශයෙන් මැන බැලීමට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස අවධානය යොමු නොකිරිම කණගාටුදායක තත්ත්වයක්ය.ලංකාවේ ක්‍රීඩාව පරිපාලනය කරද්දි බලවතාගේ පයට පියවරෙන් පියවර පෑගෙන ලෙස පීඩිතයා පේළි ගස්සවා තිබීම වෙනුවට, ක්‍රිඩාවේ දේශපාලකයාගේ වගකීම විය යුතු වන්නේ පීඩිතයා සහ පීඩකයා අතර ක්‍රිඩාමය පරතරය පියවා ක්‍රීඩාවේ සැබෑ දක්ෂයා මතු කර ගැනීමට අවශ්‍යය මාර්ගය එළි පෙහෙළි කිරීමය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here