‘ඒ‘ අශාන්ට ‘19 න් පහළ‘ අවිශ්කට …..

0
5

නිශ්මං රණසිංහ ,මාර්තු 20, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස අශාන් ප්‍රියංජන නම් කර ඇති බවත්,ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු හැටියට අවිශ්ක ගුණවර්ධන පත් කර ඇති බවත් වාර්තා වෙනවා.මේ තීරණය සමඟ වැඩි පළපුරුද්දක් ඇති පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධනට 19 න් පහළ කණ්ඩායම පැවරීමේ වැදගත්කමක් දැකිය හැකියි.නිරන්තරයෙන් පාසල් ක්‍රිකට් හී යම් බිඳ වැටීමක් ගැනත්,ඉතිහාසයේ සිට අවිශ්ක, මහේල,තිලාන් වැනි ක්‍රීඩකයන් පාසල් මට්ටමෙන් දකින්නට හිඟවීමත් යන කරුණු සළකා බැලීමේදී අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු ලෙස අවිශ්ක 19 න් පහළ කණ්ඩායම භාර ගැනීම,ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට වැදගත්වනු ඇත.

මහේල,අවිශ්ක වැනි ක්‍රීඩකයන්ගෙන් පාසල් වියේදීම ජාතික ක්‍රිකට් තරු වීමේ ගුණ දකින්නට හැකි වූ අතර වර්ථමානයේ ද කලකට පසුව එවැන්නන් බිහිවෙමින් තිබෙන සළකුණු මතු වෙමින් ඇත.මේ තත්ත්වය තුළ අවිශ්ක වැනි පුහුණුකරුවෙකු යටතේ වසර පුරා තෝරාගත් කණ්ඩායමකට තරගාවලි නොමැතිව වුව යම් යම් පුහුණු සැසි පවත්වමින් මඟ පෙන්වීමක් දිය හැකිනම් වැදගත් වනු ඇත.

ඒ කණ්ඩායම ලෙස මුණ ගැසෙන අය අතර ජාතික කණ්ඩායමේ සිට තාවකාලික පසුබසීමක් සහිතව එළියට එන ක්‍රීඩකයන් ද බොහෝ සේ දකින්නට හැකියාව ඇත.එසේම අශාන් මෑතක් වන තුරුම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කර තිබීමෙන් මේ මොහොතේ ක්‍රියාත්මක වන ක්‍රීඩාවේ ස්වභාවය ගැන ද අවබෝධයක් ඇත්තෙකි.ඒ නිසා ඔහු මේ මොහොත ගැන ක්‍රීඩකයෙකු ලෙස විඳ ඇති ප්‍රායෝගික අත්දැකීම ද සමඟ තරගකාරීත්වය තුළ ක්‍රීඩකයාට මුහුණ දෙන්නට වන තත්ත්වයන්ට හැඩ ගැස්විමට වැඩි අවධානයක් යොමු කරන්නට සිඳුවෙනු ඇත.
එසේම 19 න් පහළ කණ්ඩායමෙන් අවිශ්ක වැනි පුහුණුකරුවෙකු යටතේ නිර්මාණය කෙරෙන ක්‍රීඩකයාද පදනම් දැණුමෙන් සන්නද්ධ අයෙකු වන බැවින් ඒ කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන් ආදේශනය කර ගැනීමට එම තත්ත්වයද අශාන්ට පහසුවක් වනු ඇත.

The post ‘ඒ‘ අශාන්ට ‘19 න් පහළ‘ අවිශ්කට ….. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here