අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ බුෂෙහර් (Bushehr) පරමාණුක බලාගාරය, ටෙහෙරාන් පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකය හෝ වෙනත් න්‍යෂ්ටික ඉන්ධන චක්‍රීය පහසුකම් ඇතුළු කිසිදු න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට හානි සිදු වී ඇති බවට මෙතෙක් සලකුණක් නොමැති බව එක්සත් ජාතීන්ගේ පරමාණුක බලශක්ති නිරීක්ෂණායතනයේ ප්‍රධානී රෆායෙල් ග්‍රොසි (Rafael Grossi) පවසයි.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පාලක මණ්ඩලය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ඉරාන න්‍යෂ්ටික නියාමන බලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද මෙතෙක් ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
ඉරානය ඇතුළු කලාපයේ අනෙකුත් රටවල් වන බහරේනය, ඉරාකය, කුවේටය, ඕමානය, කටාර් සහ සවුදි අරාබිය තුළද න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටා ඇති බැවින් සියලුම මිලිටරි මෙහෙයුම්වලදී “උපරිම සංයමයකින්” කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, IAEA හි ඉරාන තානාපති රේසා නජාෆි (Reza Najafi) බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඉරිදා නටන්ස් (Natanz) න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල වූ බව නමුත් ඔහු ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කළේ නැත.
Saru News













