බාහිර පෙනුම ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වන කාන්තා ඔබ මුහුණේ සුන්දරත්වයට ලබා දෙන්නේ ප්‍රමුඛ ම ස්ථානයක්. මිල අධික රූපලාවන්‍ය සත්කාර, ඉහළ සන්නාමවල ආලේපනවලින් නිරතුරුවම මුහුණේ සුන්දරත්වය ඔප් නංවන්නට ඔබ කටයුතු කරනවා. සැබැවින්ම කාන්තා පිරිමි භේදයකින් තොරව ම මුහුණේ නීරෝගීමත්බව ගැනත් සැලකිලිමත් විය යුතුයි. ශරීරයට මෙන් ම මුහුණටත් ව්‍යායාම් අවශ්‍ය වන්නේ ඒ නිසායි. මේ ව්‍යායාම් ඉතා සරල හා පහසු නිසා ඔබට ඕනෑම අවස්ථාවක දී කරන්නට පුලුවන්. ආලේපනවලින් ඔබ්බට ගොස් මුහුණේ සුන්දරත්වය රැකගනිමින් නිරෝගී කරගන්නට මේ ව්‍යායාම් කිහිපය උත්සාහ කර බැලිය හැකියි.
ඕනෑම ව්‍යායාමයක් කිරීමට පෙර අදාළ ප්‍රදේශය උණුසුම් කිරීමේ ව්‍යායාම් සිදු කළ යුතුයි. ඒ සඳහා ඉංග්‍රීසි හෝඩියේ A, E, I, O අකුරු හොඳින් මුඛය විවෘත කරමින් පැවසිය යුතුයි. මෙය විනාඩි 5ක් පමණ කිරීම ප්‍රමාණවත්. මෙම ව්‍යායාමය සිදු කිරීමේදී මුහුණේ මාංශ පේශී උණුසිම් වන අයුරු ඔබටම දැනෙන්නට පටන් ගන්නවා.
පිරිපුන් හැඩැති කම්මුල් යුවලක් කාගේත් සිහිනයක්. ඔබේ සිහිනය සැබෑ කරගන්න මේ ව්‍යායාම් කරන්න. එවිට තව දුරටත් මේකප්වලින් ව්‍යාජව කම්මුල් ඉස්මතු කරමින් අඳින්නට ඕනෑ වන්නේ නෑ.
වයස්ගත වීමේ සලකුණු මුලින් ම පෙනෙන්නට ගන්නේ ඇස් වටා රැළිවලින්. මේ ව්‍යායාමය ඉන් මිදෙන්නටයි.
ඔබ යමක් දැක පුදුම වන්නට ඇස් විශාල කරන අයුරින් හැකි තාක් ඇස් විශාල කරන්න. තත්පර 10ක් හිඳ නැවත ලිහිල් කරන්න. මෙසේ වාර දහයක් සිදු කරන්න.
මුඛය වටා ඇති සියුම් රැළිවලින් ද වයස්ගත පෙනුමක්.ලබාදෙනවා. මෙම ව්‍යායාමය සිදු කිරීමෙන් එම සියුම් රැළි වැනි තත්ත්වය සමනය කරගන්නට පුලුවන්.
බැලුම් බෝලයක් පුම්බන විටදී මෙන් කටට හුළං හැකි තාක් පුරවා මාංශ පේශි ඇදෙන සේ හිඳින්න. ලිහිල් කරන්න. මෙය තත්පර 10 බැගින් පස් වරක් සිදු කරන්න.
ඔබේ මුහුණේ සුන්දරත්වය තව තවත් වැඩි කරන්නට පරිපූර්ණ දෙතොල් යුවලකට පුලුවන්. දෙතොල රැකගන්නට සත්කාර කරන අතරේම මෙම ව්‍යායාම් කිරීම මගින් දෙතොලේ මාංශපේශිවල නිරෝගීබව රැකගන්නට පුලුවන්.
ඔබ යමෙක් සිප ගැනීමට තොල් උල් කරන අයුරින් තොල් හොඳින් අදිමින් උල් කරන්න. ලිහිල් කරන්න. මෙය වාර දහයක් පමණ කරන්න.
බෙල්ල හැකි තාක් උඩට ඔසවන්න(ඔබ සිවිලිම දෙස බලන සේ). ඉන්පසු දිව එළියට ගෙන හැකිතාක් අදිමින් උඩුතොල ස්පර්ශ කරන්න. මෙසේ පස් පාරක් පමණ කරන්න
ඕනෑම ව්‍යායාමයක් සේ ම මුහුණට කරන ව්‍යායාම් ද නිසි කාලයක් සහිතව පිළිවෙලට කළ යුතුයි. එසේ නොවන්නේ නම් අවශ්‍ය ප්‍රතිපල නොලැබී යා හැකියි. නිවැරදිව මුහුණේ මාංශ පේශිවලට ව්‍යායාම් කර හැඩැති මුහුණක් සකසා ගන්නට ඔබට දැන් අවකාශය තිබෙනවා.
Saru FM Media