එල්ලා නොවැටුණු තරුණ පෙනුමැති මුහුණක් ලබා දෙන Face yoga exercises.

0
16


ලස්සන මුහුණක් වෙනුවෙන් ඔබ කරන්නේ මොනවද කියලා මම ඇහුවොත් ඔබට දෙන්න පිළිතුරු රාශියක් තියනවා.හොඳ ෆේස් වොෂ් එකක් සහ අනිකුත් රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීම, ෆේස්පැක්,ස්ක්‍රබ්,ෆේස්මාස්ක්, ෆේෂල්, සැලෝන් සත්කාර, ස්වභාවික සත්කාර විදියට මේ ලැයිස්තුව හරිම දිගු වෙයි.අපිට දවසක් පුරා කතා කරන්න මාතෘකා තියෙයි.

සත්කාර හැරුණම හොඳට වතුර බොන එක, පෝෂණය ගුණය ඇති එළවළු පළතුරු ආහාරයට ගැනීමත් ලස්සන මුහුණක් වෙනුවෙන් කරන්න පුලුවන් දේවල්. ඒ විතරක් නෙවෙයි අපිට මුහුණට ව්‍යායාම කරන්නත් පුලුවන්. ඩබල් චින් නැති කරගන්න ව්‍යායාම ගැන දවසක් අපි කිව්වා ඔබට මතක ඇති.

අද අපි කියන්නේ ලස්සන එල්ලා නොවැටුණු තරුණ පෙනුමක් ඇති මුහුණක් වෙනුවෙන් කළ හැකි faceyoga exercises ගැනයි.

මේ ව්‍යායාම වලට ඔබට වෙනම කාලයක් යන්නේ නෑ. උදේ ඇහැරුණාම ඇඳේ ඉඳගෙනම මිනිත්තු පහක් පමණ ඔබට මෙය කරන්න පුලුවන්.මේ යෝගා ව්‍යායාම වඩා සාර්ථක උදෑසන කරන එකයි.

දෙඅත්ල හොඳින් අතුල්ලන්න
අත් දෙක රත් වූ පසු මුහුණ හොඳින් තවා ගන්න

හොඳින් හුස්මක් ගන්න
දෙතොල් O හැඩයට සකසා ගන්න
දබරඇගිල්ල තොල් මත තෙරපන්න
මෙය වාර පහක් කරන්න

දැන් මුහුණේ ලේ ගමනාගමනය හොඳින් සිදු වෙනවා.

කට ඕ හැඩයට තබා ගන්න
උල් වූ කට මුහුණ දෙපැත්තට කරන්න
මෙය වාර පහක් කිරීම ප්‍රමාණවත්

මෙය සිදු කරන්නේ කට දෙපැත්තේ රැළි ගැසුණු ස්වභාවය අඩු වීමටයි

දෙතොල් එකට තද කර මුව තුළට ගන්න
කම්මුල් වලින් වාතය පිට කරන්නට උත්සාහ කරන්න
මෙයත් වාර පහක් කිරීම සෑහෙනවා.

කම්මුල් අකුලවා තොල් O හැඩයට ගන්න
තොල් සෙමින් ක්‍රියාකරවන්න
මිනිත්තු පහක් පමණ කරන්න

හොඳින් හුස්මක් ගෙන මුඛයේ වාතය පුරවා ගන්න.
මහපට ඇඟිලි දෙකෙන් නාස්පුඩු වසා දෙඅත්ල නළල මතට ගන්න
නිකට පපුවෙ ගෑවෙන ලෙස පහත් කරන්න
මෙය වාර හයක් හතක් කරන්න

මෙවැනි සරල ෆේස්‍ යෝගා ක්‍රම කිහිපයක් දිනකට වතාවක් නොකඩවා කරලා බලන්න.මුහුණට අපූරු හැඩයක් සුන්දරත්වයක් ලැබී ඇති බව ඔබටම වැටහෙයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here