නිශ්මං රණසිංහ ,මාර්තු 02 කොළඹ LNW:
ශ්‍රී ලංකා ක්‍රිකට් විරෝධය ප්‍රේක්ෂකයන්ට ඇති කළ උවමනාවක් මත සිඳු වුව ද,ඔවුන් බොහෝ දෙනෙකු කා වෙනුවෙන් හෝ පෙනී සිටින බව දන්නේ නැත.එයට ගෙවුණු දේශපාලන රැල්ල විසින් භාවිතා කළ ආගම එකතු වන්නේ විරෝධයේ පහසුව පිණිසය.එසේම ක්‍රීඩකයන්ගේ විනය විරෝධි ක්‍රියාවන් කිහිපයක් ද ඊට එකතු වූ පසු ඒවායේ ඉහළම පුරුක හැටියට ශම්මිද සිල්වා ඇමිණීය.
ඊට පසුව සිඳුවන සියල්ලගේම නරකම නරක පොදු සාධකය ශම්මි බවට පත් කරවීය.එසේ කර පරිපාලනය සම්බන්ධයෙන් විරෝධයක් සකස් කර රජය හරහා පත්වන අතුරු කමිටුවකට ඒම එහි අරමුණ විය.ඒත් ඒ අවශ්‍යයතාවය ඇත්තේ ද මේ දක්වා ක්‍රිකට් පරිපාලනයට කිසිම අයුරකින් සම්බන්ධ නොවී සිටිය අයට නොවේය.නමුත් මෙහෙයුම පිටුපස ඔවුන් නිරාවරණය වන්නේ විරෝධය ඇති කිරීමට සහ විරෝධය දැඩි කිරීමට කොන්ත්‍රාත්තුව ගත් සුළු පිරිසතට පමණි.
කෙසේ නමුත් එසේ ඇති කරන විරෝධය ඉන් අනතුරුව විරෝධය පළ කරන්නාගේ ස්වයං අයිතියක් බවට පත් වන්නේය.පළ කරන ස්වභාවය,පළ කරන තැන,පළ කරන්නේ කාටද යන කාරණාවන් තම තමන් තීරණය කරන තත්ත්වයට පත් වන්නේය.පසුගිය දින විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් වටලන්නට දින නියම කරමින් කතා කරේ,අයිසීසී නිලධාරීන් ද ක්‍රිකට් ආයතනයේ සිටින තත්ත්වයක් තුළය.එසේම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැවන්ත චරිත නිර්මාණය කළ පාසල් දෙකක් අතර මහා තරගය එස්එස්සී පිටියේදී පැවත්වෙද්දීය.
දැන් තත්ත්වය පාලනය කළ නොහැකි තැනකට ගොස් අවසන්ය.කඩුව වඳුරන් අතට ද පත් වී ඇත.රජ වෙන්න බලාගෙන වැඩ කළ අයගේ ද ගෙල මුලට කඩුව දවසක එන්නට ඉඩ ඇති තරමට ප්‍රේක්ෂක විනය බිඳ වැටී ඇත.එහි හොඳම තරුණ දැක ගන්නට ලැබුණේ ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති තරගය අවසානයේදී ය.
එහිදී අවසාන පන්දු දෙක සම්බන්ධයෙන්ම ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබිණ.විනිසුරුගේ දෑසට දකින ආකාරයට එය තීරණය වන අතර අයිසීසී නීති පොතේ ද වයිඩ් පන්දුවක්ද විමසා බැලීමට විනිසුරුය යොමු කරන ලෙස ඉල්ලීමට පිතිකරුට බලයක් ද නැත.තමන්ගේ පියවි ඇස සහ විශාල තිරයක පුනරුපන දර්ශන මගින් දැක ගන්නා දේ අතර වෙනසක් ඇත.එහෙත් විනිසුරුට වැරදුණේ නැතිනම් හොඳය.එය එසේ වූළුානම් එම තරගයේ තීරණය වෙනස්වීමට හොඳටම ඉඩ තිබිණ.
නමුත් මෙවැනි වරදවල් දුටු පළමු මොහොත මෙය නොවේය.ශ්‍රී ලංකා විනිසුරුවන් අතින් ද වැරදි සිඳු වි ඇත.බීදී කුරේ ගේ සිටම එය දිග නාමාවලියකි.කොතැනකවත් විනිසුරුවන්ට අපහාස කරන්නට ක්‍රිකට් ලෝලීන් උත්සාහ කළේ නැත.හූ තබන්නට බැන අඬ ගසන්නට ගියේ නැත.එහෙත් රොඩ් ටකර් සහ සෑම් නුගයිස්කිට එරෙහිව නරක විදිහට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් හැසිරිණ.මෙවැනි තත්ත්වයන් අන්තර්ජාතික වශයෙන් ලංකාවට විශාල වශයෙන් ක්‍රිකට් ආදායම් ලැබෙන තත්ත්වයක් වෙමින් තිබීම මෙයින් වැළක්වෙන්නට ඉඩ ඇත.
දැන් ආසියාවේම සැක නැතුව එන්නට පුළුවන් රටක් හැටියටත්,පැමිණෙන කණ්ඩායම්වලට හොඳින් ක්‍රීකට් ආයතනයෙන් පිළිගැනීමක් ලැබෙන නිසාත් ආසියාවේ එකිනෙකා අතර ඇති විරසකය නිසා ක්‍රිකට් තරග සඳහා මුණ ගැසීමට ලංකාව සුදුසු බව තේරුම් ගනිමින් ඇත.බංගලාදේශයද ඉල්ලුවේ තමන්ගේ ලෝක කුසලාන තරග ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසය.අද වන විට ඇති වී තිබෙන මැද පෙරදිග තත්ත්වය නිසා ඉදිරියේදී අබුඩාබි,සාජා වැනි ක්‍රීඩාංගණ ද තරග පැවත්වීමට හැකි වේදැයි සැක සහිතය.එවැනි වාතාවරණයක සුදුසුම සාමය සපිරි බිම වන්නේ ශ්‍රී ලංකාවය.එහෙත් ප්‍රේක්ෂකයන් විනිසුරුවරු වැනි ගෞරවණීය චරිත ද සිය විරෝධයෙන් තැති ගන්වන්නට උත්සාහ කරන තත්ත්වයක් පැවතුණහොත්,මානසික නිදහස සහ ඒකාග්‍රතාවය අතිශයින් වැදගත් මහත්මා වෘත්තියක් වන විනිසුරු කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළහොත් ඒ තරග වැදීම් සමඟ විශාල මූල්‍යමය වාසියක් ශ්‍රී ලංකාවට අහිමි වෙනු ඇත.
ඉස්සරහට එන්නේ පන්දම් අවුලුවාලන්නට තෙල් බෙදූ මිනිස්සුන්ටද පරිස්සම් වෙන්නට සිඳුවන කාලයකි.දැන් ගින්දර සහ පන්දම ඇති අය තමන්ට රිසි සේ ගිනි තබන්නට සූදානමින් සිටින්නේය.මේ සමඟ එම වීඩියෝව ඇත.එය ඉදිරියට ලංකාවේ විනිසුරුවන්ට ඔවුන්ගේ කටයුත්ත නිදහසේ කරන්නට නොහැකි වනු ඇති බවට හැඟවෙන සංඥාවක් බඳුය.ජාත්‍යන්තර තරගයක් කියන්නේ ලෝකයට වගකිව යුතු තරගයක්ය.ඒ පවතින රටේ වගකීම පැවරෙන්නේ රට වෙනුවෙන් එය නරඹන්නට සහභාගි වී සිටින පුරවැසියන්ටය.
දසුන් ශානක පිටත දේ නවත්වන්නට කී කතාවේ බරපතලකමක් තිබිය හැකි බව ඊට මුලදී එකඟ නොවුණ ද දැන් හැඟෙන්නේය.වචන පමණක් නොවන කෝපාග්නියක් සහ අසංවර බවක් විසින් භෞතික හානියක් කරන තරමට බියක් ඇති වන්නට හැකිය.ක්‍රීඩාව සහ එහි ජය පරාජය විඳ ගන්නට නොහැකි කම භයානක වෙමින් ඇත.එයින් රට සහ ක්‍රිකට් පරිස්සම් කර ගන්නට රජයට වෙනම මානයකින් සිතන්නට වන ලකුණු පහළ වී ඇත.
මෙම විඩියෝවේ සිරස්තලය ලෙස ඇත්තේ මාලිංග විනිසුරුට අතට අත දී දසුන්ට බැනීමට විරෝධය ය.පුහුණුකරුවා,ක්‍රිඩකයා සහ විනිසුරුවා යන භූමිකාවල හරි හැටි දිග පළල නොදැන මේ හැසිරීම මීට වඩා බලපෑම් සහගත හිංසාකාරී එකක් විය හැකි බවට මතු කරන ඉඟි සමබන්ධයෙන් පරිස්සම් වීමට සිඳුවන්නේය.


The post එන පොට හොඳ නැත… appeared first on LNW Sinhala.
Saru News















