එක එක විදියට පාන් හදමුද? ලෝකෙ වටේ හදන පාන් වර්ග 7ක් හදාගන්න රෙසිපි මෙන්න!

0
13


පාන් කියන්නෙ මුළු ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුන කෑමක්නේ. හැබැයි එක එක රටවල් වල පාන් හදන විදි, ගන්න අමුද්‍රව්‍ය එහෙම ගොඩක් වෙනස්. ඇරබික් බ්‍රෙඩ් වගේ ඒවත් පාන් ගණයට එන දෙයක් වුනාට පෙනුමෙන් සහ හදන විදිය රොටියක් වගේ. අද අපි ගෙනාවේ වෙන රටවල් වල පාන් හදාගන්න එක එක ක්‍රම ටිකක්. මේව ලංකාවෙත් ගන්න තියනවා. ඊට වඩා ගෙදරම හැදුවොත් හොඳයි නේද? ඔන්න එහෙනම් අහගන්න. 

 

 

1. රුලං පාන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. රුලං කෝප්ප 3
  2. වතුර කෝප්ප 1 1/4
  3. ලුණු තේ හැඳි 1
  4. ඊස්ට් තේ හැඳි 1
  5. තෙල් මේස හැඳි 4
  6. කිරිපිටි මේස හැඳි 3
  7. සීනි මේස හැඳි 1

 

  • ඊස්ට් හා සීනි එක්කර ඒකට ලා රස්නෙ වතුර ටිකක් දාලා කලවම් කරලා විනාඩි 10ක් තියන්න. 
  • බෝල් එකකට රුලං, කිරිපිටි හා ලුණු දාලා කලවම් කරන්න. මේකට ඊස්ට් ටිකත් එකතු කරලා අනාගන්න. මේක ගොඩක් ඇලෙනසුළු මෝලියක්. 
  • ලෑල්ලකට දාලා තෙල් ටිකක් ගාලා මෝලිය දාගෙන අතින් හොඳට නීඩ් කරගන්න. 
  • සොෆ්ට් වෙනකල් නීඩ් කරලා පැය 1/2ක් වහලා තියන්න. ආයෙ විනාඩි 5ක් වගේ හොඳට නීඩ් කරලා මෝලිය මතුපිට තෙල් ටිකක් ගාලා විනාඩි 40ක් වහලා තියන්න. එතකොට පිටි මෝලිය දෙගුණයක් වෙලා තියේවි. 
  • දැන් ලෑල්ලට දාලා තෙල් ටිකක් ගාලා මෝලියෙ යට පැත්ත උඩට හරවලා පාන් තැටියෙ ප්‍රමාණයට දිගෑරලා ඉස්සරහට රෝල් කරමින් පාන් හැඩයට හදාගන්න. පාන් මෝල්ඩ් එකේ තෙල් ටිකක් ගාලා සාදාගත් රුලං පාන් ගෙඩිය දාලා 180°ට විනාඩි 30ක් බේක් කරගන්න. 

 

 

2. ෆ්‍රෙන්ච් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 500
  2. ඊස්ට් තේ හැඳි 1
  3. සීනි මේස හැඳි 1
  4. බටර් මේස හැඳි 2
  5. ලුණු ස්වල්පයක්
  6. තෙල් මේස හැඳි 1
  7. උණුවතුර ස්වල්පයක්
  8. ෆොයිල් පේපර්ස්

 

  • පාන්පිටි වලට ලුණු දාලා කලවම් කරගන්න. මේකට සීනි හා ඊස්ට් ටිකත් දාගන්න. බටර් ටිකත් දාලා අනන ගමන් උණුවතුර ටික ටික දාලා තෙල් ටිකත් දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. 
  • මේක හොඳට රැප් කරලා විනාඩි 45ක් තියන්න. දෙගුණයක් පිපුණු ඩෝ එක අරගෙන හොඳට නීඩ් කරලා කොටස් දෙකකට වෙන් කරගන්න. 
  • එක කොටසකින් බෝලයක් හදලා රවුමට තුනී කරගන්න. මේක පළල අතට තුනී කරගන්නවා නම් ගොඩක් හොඳයි. දැන් කොණක ඉදන් රෝල් කරගෙන දිග කිඹුලා බනිස් එකක් වගේ හදාගන්න. 
  • ෆොයිල් වලින් ඝනකමට පාන් තැටිය වගේ බ්‍රෙඩ් එකේ දිගට සමාන තැටියක්, නවලා හදාගන්න. සාදාගත් ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් ඒකෙ තියලා මතුපිටින් ඇදේට පිහියෙන් කැපුම් පාරවල් දාගන්න. 
  • දැන් මේක තෙත රෙදිකෑල්ලකින් වහලා විනාඩි 45ක් විතර තියන්න. සෙල්සියස් 200°ට අවන් එක විනාඩි 10ක් ප්‍රීහීට් කරන්න. 
  • පාන් ටික අවන් එකට දාලා විනාඩි 40කින් විතර එළියට ගන්න. බේක් උනාට පස්සෙ උඩින් ඔලිව්තෙල් ටිකක් බ්‍රශ් කරගන්න. 

 

3. ස්වීට් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 2
  2. ඊස්ට් තේ හැඳි 1 1/2
  3. ලා රස්නෙ කිරි කෝප්ප 1
  4. සීනි කෝප්ප 1/4
  5. බටර් කෝප්ප 1/4
  6. ලුණු
  7. වියළි මුද්දරස්පලම් කෝප්ප 1/2
  8. බිත්තර 1

 

  • කිරි වලට සීනි හා ඊස්ට් දාලා විනාඩි 10ක් තියන්න. ඊළඟට මේකට බිත්තර දාලා කලවම් කරන්න. 
  • වෙනම බෝල් එකකට පාන්පිටි දාලා රේසින් හා ලුණු දාගන්න. මේකට ඊස්ට් මිශ්‍රණය දාලා අතින් නීඩ් කරගන්න. බටර් ටිකත් දාලා හොඳට නීඩ් කරගන්න. 
  • ඩෝ එක ඇලෙනසුළු උනාට අතේ පිටි තවරගෙන හොඳට නීඩ් කරන්න. දැන් මේක විනාඩි 45ක් වහලා ඩබල් වෙනකල් තියන්න. 
  • බෝඩ් එකකට පිටි ටිකක් ඉහලා ඩෝ එක දාලා හොඳට නීඩ් කරගන්න. රෝලින් පින් එකෙන් තුනී කරලා ඔතලා පාන් හැඩේට නවාගන්න. 
  • මේක පාන් මෝල්ඩ් එකකට දාලා තවත් විනාඩි 45ක් පිපෙන්න තියන්න. උඩින් බිත්තර සාරු ටිකක් ගාලා සෙල්සියස් 200°C ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30 – 40ක් බේක් කරගන්න. 

 

4. කුරක්කන් පාන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කුරක්කන් පිටි ග්‍රෑම් 250
  2. පාන්පිටි ග්‍රෑම් 250
  3. ලුණු
  4. වතුර කෝප්ප 1 1/2
  5. ඊස්ට් ග්‍රෑම් 10

 

  • භාජනයකට කුරක්කන් පිටි, පාන්පිටි, ලුණු හා ඊස්ට් දාලා කලවම් කරගන්න මේකට වතුර ටික ටික දාලා හොඳට නීඩ් කරගන්න. 
  • පැය 1/2ක් පිපෙන්න තියලා නැවත හොඳට නීඩ් කරගන්න. බටර් ගාගත් පාන් මෝල්ඩ් එකකට දාලා සෙල්සියස් 200°ට ප්‍රීහීට් කරගත් අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න. 

 

5. බ්‍රවුන් බ්‍රෙඩ් (පරළු පාන් )

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ආටා පිටි ග්‍රෑම් 800
  2. පාන්පිටි ග්‍රෑම් 200
  3. ලුණු
  4. වතුර කෝප්ප 1
  5. බටර් ​මේස හැඳි 2
  6. ඊස්ට් තේ හැඳි 2
  7. බිත්තර 1

 

  • භාජනයකට ආටා පිටි, පාන්පිටි, ඊස්ට්, ලුණු හා බටර් දාලා වතුර ටික ටික දාලා නීඩ් කරගන්න. 
  • සොෆ්ට් ඩෝ එකක් අනලා විනාඩි 40ක් වහලා තියන්න. පසුව මිශ්‍රණය දෙගුණ වෙලා තියනවා පෙනෙයි. 
  • මේක නැවත අතින් හොඳට නීඩ් කරගන්න. දැන් පාන් මෝල්ඩ් එකකට තෙල් ගාලා මේ ඩෝ එක පාන් එකක් වගේ හැඩය එන්න දාගන්න. 
  • අවන් එක ඔන් නොකර මේ පාන් එක විනාඩි 45ක් තියන්න.
  • විනාඩි 45කට පස්සෙ උඩින් බිත්තර සාරු ගාලා සෙල්සියස් 200°ට විනාඩි 30ක් බේක් කරගන්න. 

 

6. ෆ්ලැට් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි කෝප්ප 2
  2. යෝගට්1
  3. බේකින් පව්ඩර් තේ හැඳි  2

 

  • මේ ඔක්කොම දාලා වතුර නැතිව සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. සොෆ්ට් වෙන්න අවශ්‍ය නම් තව යෝගට් එක් කරගන්න. 
  • පොඩි බෝල වලට කඩලා තුනී කරලා නන්ස්ටික් පෑන් එකක දෙපැත්ත ෆ්‍රයි කරගන්න. 

 

7. ඇරබික් බ්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. පාන්පිටි ග්‍රෑම් 500
  2. සීනි තේ හැඳි 1
  3. ඊස්ට් තේ හැඳි 1
  4. බටර් මේස හැඳි 3
  5. බිත්තර කහමද 1
  6. රස අනුව ලුණු
  7. කිරි කෝප්ප 1/2

 

  • ඊස්ට් වලට ලා රස්නෙ වතුර ටිකක් දාලා විනාඩි 10ක් තියන්න. 
  • පාන්පිටි, බටර් බිත්තර කහමදය හා ලුණු දාලා අනාගන්න. මේකට ඊස්ට් හා කිරි දාලා සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. 
  • පැයක් වහලා තියන්න. නැවත හොඳට අනාගන්න. 
  • ඊළඟට බෝල හදලා අඟල් කාලක වගේ ප්‍රමාණයක ඝනකමකට තුනී කරගන්න. පෑන් එකක හෝ රොටි තැටියක දෙපැත්ත පුළුස්සගන්න. 

 

 

The post එක එක විදියට පාන් හදමුද? ලෝකෙ වටේ හදන පාන් වර්ග 7ක් හදාගන්න රෙසිපි මෙන්න! appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here