එක එක අයට ඕන එක එක කෑම වර්ග. ඒ හන්ද එක එක අය යන්නේ එක එක විදිහේ කෑම කඩවලට.කෑම කන්නම විතරක් නෙමෙයි සමහර අය යන කෑම කඩෙන් වෙනත් දේවලුත් බලාපොරොත්තු වෙනවා. අපි අද බලමු මිනිස්සු කෑම කඩ තෝරන එක එක විදිහෙ හේතු මොනවද කියල.
1. කෑම රස කඩ

Source – youtube.com
සාමාන්‍යයෙන් සාමාන්‍ය ජනතාව බලන්නේ කෑම රස කඩයකට යන්න. කෑම රස කියන්නෙත් එක එක්කෙනාට අනුව වෙනස් වෙන දෙයක් නේ.සමහර අය මිරිස් රස හොයාගෙන යනවා. සමහර අය මිරිස් රස අඩුවෙන් තියෙන තැනක් හොයාගෙන යනවා. ඒ වගේම ඔය චීන ආහාර, ඉන්දියානු ආහාර වගේ ඒ ඒ අනන්‍ය රසවල් වලට අනුව කන තැන මිනිස්සු තෝරාගන්නවා. සමහර අය එකම රසය හන්දා එකම කඩෙන් හැමදාම කන අවස්ථාත් තියෙනවා. ඒත් ඉතින් බහුතරයක් කෑම දාසලා කැමතියි විවිධත්වයට.
2. පිරිසිදු කෑම කඩ

Source – yamu.lk
ගොඩක් අය රස වලින්ම සෑහීමට පත් වෙන්නේ නෑ. පිරිසිදු කමත් හොයනවා. කෑම හදන්නේ පේන්න නෙමෙයිනම් ඒ වගේ අය ඒ තැන් වලින් අහාර ගන්නෙම නෑ. කෑම හදන්නේ පේන්න නම් කෑම හදන දිහා බලගෙනත් ඉන්නවා වැරැද්දක් වෙනවද කියල බලන්න. ඒ අය ගොඩක් වෙලාවට රසයට වඩා සෞඛ්‍යයට මුල් තැන දෙන අය. මෙහෙම අය ගොඩක් දුරට එකම කඩයක් තෝරාගෙන ඉන්නවා පිරිසිදුවට හැමදාම තමන්ගෙ ආහාර වේල ගන්න කියල හිතාගෙන. වැරදිලාවත් සෞඛ්‍යයට හානි කර දෙයක් දැක්කොත් කෑම හදන මනුස්සයට හොඳට දෙකක් කියලා ඒ කඩේට යන්න එපා කියලා දන්නා අඳුනන හැම කෙනාටම කියන්නත් මෙයාල අමතක කරන්නේ නෑ. අද කාලේ හැටියට මේවට වැරැද්දක් කියන්නත් බෑ. මොකද ගොඩාක් කඩ වල පිරිසිදුකම අන්තිමයි.
3. Branded කෑම කඩ

Source – tacobell
ගොඩක් තරුණ තරුණියො දැන් ටවුන් එකකට ගියොත් බලන්නෙ BRANDED කෑම කඩයක් තියේද කියල කෑම ගන්න. KFC කියයි. Pizza hut කියයි. Macdonalds කියයි. Burger king කියයි. එයාල කන්න එන්නේ බඩ පුරවගන්න නෙමෙයි. සෞඛ්‍යමත් ආහාර හොයාගෙනත් නෙමෙයි. ලොකූ ගාණක් දීල පොඩි කෑමකින් සෑහීමකට පත් වෙන්න ආසයි මේ අය. හැබැයි තමන් මේ තැනට ආව කියල පෙන්නන්න ෆොටෝ ටිකක් ගන්නනම් ඒ අය අමතක කරන්නේ නෑ. ඊට පස්සේ ඒ ෆොටෝ ටික Social Media වලට දාන්නත් ඒ අයට අමතක වෙන්නෙ නම් නෑ.
4. වෙනසක් හොයන අය

Source – dilhandesilva.com
තව පිරිසක් ඉන්නව වෙනස් වෙනස් තැන් වලින් වෙනස් වෙනස් රසට ආහාර හොයන අය. අද කන තැනට වඩා හෙට කන තැන වෙනස් වෙන්න ඕන කියලයි ඒ අය කියන්නෙ. නැත්නම් එකම රසට නේ හැමදාම කන්න වෙන්නේ. ඉතින් අමුතු අමුතු රසවල් හොයාගෙන රටේ ඕනෑම අස්සක මුල්ලක කඩේකට යන්න උනත් මේ අය සැදී පැහැදී ඉන්නවා. ගොඩක් වෙලාවට සිරිතක් විදිහට Trip යන අයට මේ ක්‍රමේ සෙට් වෙනවා. යන යන තැන් වල කෑම වල එක එක රස බලන්න එතකොට එයාලට පහසුයි.
5. අඩුගාණට හොයන අය

Source – telegraph.co.uk
කෑම වලට මහා වියදමක් කරන්න අකමැති බොහොම පොඩි ගණනකින් ශේප් වෙන්න කැමති අයත් ඉන්නවා. එයාල හොයන්නෙ මිල අඩුවට කන්න තියෙන තැන්. මෙයාලගේ ඇස් යන්නෙම ටවුමේ තියෙන පොඩිම කඩයක් දිහාට විතරමයි.අතේ තියෙන ගාණෙන් කාල තව ටිකක් ඉතුරු කරගන්න පුලුවන්නම් මේ ගොල්ලො හැමදාම උනත් එකම කඩෙන් කාවි. සමහර අය අපිරිසිදු කම දැක දැකත් අතට කීයක් හරි ඉතුරු වෙන හන්ද කරබාගෙන කනවා.
6. ඕන දෙයක් ඔට්ටු අය

Source – taseteessense.com
බඩගින්න හැදුනම ඕන තැනකින් කන අයත් අපි අතරෙ ඉන්නවා. ඒ අයට කඩවල් තෝරන්න නිර්ණායක නෑ. ඒ අය ට ඕන කෑමක්, ඕන රසක්, ඕන තැනක් ඔට්ටුයි. සයිවර් කඩයක් උනත් , පොඩි බත් කඩයක් උනත්, චයිනිස් රෙස්ටුරන්ට් එකක් උනත්, ෆයිව් ස්ටාර් හොටෙල් එකක් උනත් මේ අයට ඔට්ටුයි. මෙහෙම අය ගොඩක් දුරට ඉන්නේ තරුණ පරම්පරාවේ. ඒත් ඉතින් පිරිමි පාර්ශවයේ කිවුවොත් තවත් හරි. මෙයාලටත් ටිකක් අර වෙනස් රස හොයන පුරුද්ද තියෙනවා. ඒත් ඒ ගැන මහා තැකීමක් නොකර හම්බවෙන තැනකින් කෑම කන්න එක තමයි මෙයාලගෙ ආහාර පරමාර්ථය.
ඔන්න ඔය විදිහට තමයි එක එක අයට කෑම කඩ තෝරාගන්න එක එක හේතු බලපාන්නේ. තව හේතු තියෙනවනම් ඒවත් සඳහන් කරලා යාලුවන්ටත් බලන්න ලිපිය SHARE කරන්න අමතක කරන්න එපා.
Cover Image Source – google.com
The post එක එක අය කෑම කඩ තෝරාගන්න හේතු 6 ක් appeared first on Lifie.LK.
Saru FM Media