කොළඹ LNW:කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කොළඹට තරඟ වැදුණු ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශව අතර සාකච්ජාවක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.
එහිදී පළාත් පාලන ආයතන අකර්මණ්‍ය නොකර පවත්වාගෙන යාම වෙනුවෙන් ආණ්ඩුවට සහය දීමට තීරණය කළ බවයි එම කණ්ඩායම් නියෝජිතයින් මාධ්‍ය වෙත පැවසුවේ.
ආන්දුව් සමඟ මුදල් ගණුදෙනු සිදුකරන බවට විපක්ෂයේ කණ්ඩායම චෝදනා කළද එවැනි කිසිම අකටයුතු දෙයක් සිදුනොවන අතර අවශ්‍ය වන්නේ ජනතාවට සේවයක් කිරීම නිසා මේ මොහොතේ සිය සහය ආණ්ඩුවට ලබාදෙන බවටයි ඔවුන් පැවසුවේ.
විපක්ෂය නියෝජනය කරන සමඟි ජන බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යව ඇත්තේ සභා පවත්වාගෙන යාම නොවන ඔවුන් දෙපාර්ශවයට එක්වීමට අවස්ථාවක් ඇති කරගැනීම වන බවද ඔවුන් සඳහන් කරන ලදී.
ස්වාධීන කණ්ඩායම් ලෙස කොළඹ නගරය තුළ සංවර්ධන කටයුතු සිදුකිරීමේදී සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ ගැන යෝජනා ජනාධිපතිවරයා වෙත ලබාදුන් බවත් ඒවාට සාධනීය ප්‍රතිචාර ලැබුණු බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කළේය.
ආශිකා බ්‍රාහ්මණ
Saru FM Media