උසස් පෙළට සමාන විභාගයක් විදෙස් රටකදී හැදෑරූ ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කරගන්නා ලෙස නියෝගයක්

0
5

රුසියාවේ උසස් පෙළ විභාගය සමත් වී මෙරට වෛද්‍ය පීඨයට ඇතුළුවීම සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මුලික මිනිස් අයිතිවාසියක් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සිසුවා වහාම මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අද (05) නියෝග කළේය.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි ඉසුල දම්සිත් ජයරත්න නමැති සිසුවා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

එය විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

පෙතසම්කරු කියා සිටින්නේ තමන් කොළඹ ප්‍රධානපෙළේ විද්‍යාලයකින් අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වූ බවය.  

තම පියා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායම් කපිතාන්වරයෙකු වශයෙන් සේවය කරමින් සිටියදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරක් ලැබීමෙන් අනතුරුව තමා රුසියාව බලා පිටත් වූ බවත්  එහිදී ඉන්දියානු, පාකිස්තානු හා බංගලිදේශ සිසුන් ඉගෙනුම ලබන පාසැලකින් ජ්‍යෙෂ්ඨ පාසල් සහතික පත්‍ර විභාගය සමත් වූ අතර  එය ශ්‍රී ලංකාවේ අපොස උසස් පෙළ විභාගයට සමාන විභාගයක් බවත් පෙත්සම්කරු කියා සිටියේය.

ඉන් පසුව තමා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා මෙරට රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයට  ඇතුළත් වීම සඳහා අයඳුම් පතක් ඉදිරිපත් කළ අතර ඊට අදාල නිර්ණායකයන්ට තමා අයත් නොවන බව සඳහන් කරමින් අදාළ අයදුම්පත මෙරට විදේශ කටයුතු අමාත්‍යශය විසින් ප්‍රතික්ෂේප කළ බවත් ඔහු චෝදනා කළේය.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ඔහු සිය පෙත්සම තුළින් සඳහන් කර තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ ඉදිරිපත් වූ කරුණු සලකාබැලීමේදී පෙත්සම්කරු රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා අදාළ නිර්ණායකයන් යටතේ සුදුසුකම් ලබා ඇති බවය.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් මැදිහත්වීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට බලයක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා  පෙත්සම්කරුගේ අදාළ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට එම අමාත්‍යාංශය ගත් තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළේය.

මේ තුළින් පෙත්සංකරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ෙ පෙත්සන්කරු මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨ ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස විශ්වවිද්‍යාල කොමිසමට නියෝග කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here