උල්හිටිය රත්කිඳ මහවැලි ජලාශයේ වාන් දොරටු 7ම විවෘත කෙරේ

0
5

මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් උල්හිටිය රත්කිඳ මහවැලි ජලාශයේ වාන් දොරටු 7ම අද (14) විවෘත කළ බව ජලාශයේ නේවාසික තාක්ෂණික නිලධාරී දීප්ත චන්දන ජයසේකර මහතා පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිඳ මහවැලි ජලාශය, මහවැලි සී කලාපයේ ජලාශ අතරින් විශාලතම ජලාශය වන අතර ලංකාවේ ඇති නිවුන් ජලාශ අතරින් එකකි.

එක් දොරටුවකින් අඩිය බැගින් ජලය මුදා හරින අතර ජලය මුදා හැරීම වේගය තත්පරයට ඝන මීටර් 77 ක් වේ.

මෙසේ මුදා හරින ජලය උල්හිටිය ඔයට මුදා හැරීම හේතුවෙන් උල්හිටිය ඔයට දමා ඇති පාලම ජලයෙන් යට වීමෙන් රත්කිඳ හොබරියාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අඩාල වී තිබේ.

උල්හිටිය ඔය දෙපස ජනතාව විමසිලිමත්ව සිටින ලෙසත් රත්කිඳ හොබරියාව මාර්ගය භාවිතා කරන ජනතාව වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජලාශයේ නේවාසික තාක්ෂණික නිලධාරීවරයා වැඩි දුරටත් සඳහන් කලේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here