උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක් 

0
10

උපවාසයේ නිරත වන ලංකා පාසල් සංවර්ධන නිලධාරින් සමඟ සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

මේ බව ජනාධිපති  මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා උපවාසකරුවන්ට අද (30) දැනුම් දුන්නේය.

ඒ අනුව ලබන අඟහරුවාදා (03) සවස හයට මෙම සාකච්ඡාව ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර ඇති බව සඳහන් වේ.

ලබන සඳුදා දින සියලු සංවර්ධන නිලධාරින් කැඳවා ඇති බවත් ඒ හේතුවෙන් එම සාකච්ඡාවට ඊට පෙර ලබා දෙන ලෙසත් ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා එහිදී ඉල්ලා සිටියේය. 

පාසල්වලට අන්තර් ග්‍රහණය කරන ලද උපාධිධාරීහු සිය සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උපවාස කරති.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here