උදරයේ තැන්පත් මේදය ඉවත් කරන සරල ක්‍රම 8 ක්.

0
15


කාන්තාවකගෙ සිරුරේ හැඩයට බධා කරන ප්‍රදාන සාධකයක් තමයි අනවශ්‍ය මේදය තැන්පත් වු උදරය. ඒ නිසාම
බර අඩු කරගන්න උත්සාහ කරන බොහෝ දෙනාගේ ඉලක්කය වන්නේ උදරයේ මේදය නැති කර ගැනීමයි .

සිරුරේ හැඩයට හානි වීම පමණක් නෙවෙයි
උදරයේ මේදය තැන්පත් වීම යනු ඔබ හිතනවාට වඩා හානිකර තත්ත්වයක් .අනවශ්‍ය ලෙස උදරයේ මේදය තැන්පත් වීම නිසා දෙවන වර්ගයේ දියවැඩියාව සහ හෘද රෝග වැනි තත්වයන්ට ඔබව පහසුවෙන් ගොදුරු වෙන්න පුලුවන් බව පර්යේෂකයන් පවසයි .

මේ නිසා උදරයේ මේදය නැති කර ගැනීම ඔබට යහපත් සෞඛ්‍යයක් පවත්වාගැනීමට හේතු වනවා. උදරයේ මේදය නැති කර ගන්නේ කොහොමද ? මේ ලිපියෙන් අපි ඒ ගැන ඒගැන කතා කරමු

සීනි එකතු කළ ආහාර ඔබේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එකතු කරන අතර එය ඔබේ බර වැඩි වීම කෙරෙහි සෘජුවම බලපායි .අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට සීනි අධිකව ආහාරයට ගැනීම ඔබේ පරිවෘත්තිය ක්‍රියාවලිය කෙරෙහිද බලපෑම් ඇති කරයි .

සීනි යනු අර්ධ ග්ලූකෝස් සහ අර්ධ ෆෘක්ටෝස් ය.ඔබ වැඩිපුර සීනි ආහාරයට ගන්නා විට අක්මාවෙහි ෆෘක්ටෝස් තැන්පත් වී එය මේදය බවට හැර වේ .මෙම ක්‍රියාවලිය නිසා උදරයේ මේදය සහ අක්මාවේ මේදය වැඩි වන අතර එමගින් ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ විවිධ පරිවෘත්තීය ගැටලු ඇති වේ .
මේ නිසා සීනි භාවිතය සහ සීනි ඇතුළත් කළ කෘතිම පාන භාවිතය අවම කර ගැනීමට ඔබ වගබලා ගත යුතුය .

බර අඩු කර ගැනීම සඳහා ප්‍රෝටීන් යනු ඉතා හොඳ පෝෂකයක් ය .පරීක්ෂණ වලින් පෙන්නුම් කරන ආකාරයට ප්‍රෝටීන් ආහාරයට ගැනීමෙන් ඔබේ කුසගින්න 60% කින් අඩු කළ හැකිය .උදරයේ මේදය අඩු කර ගැනීම ඔබේ ඉලක්කය නම් ප්‍රෝටීන ආහාරයට ගැනීම මගින් ඔබට සාර්ථක ප්‍රතිඵල ගෙන දිය හැකිය .ප්‍රෝටීන් ආහාරයට ගැනීම ඔබේ බර අඩු කර ගැනීමට උපකාරී වනවා පමණක් නොව ඔබේ බර වැඩි වීම වළක්වා ගැනීමට ද උපකාරී වේ .
බිත්තර , මාළු ,රනිල කුලයට අයත් බෝග ,ඇට වර්ග , මස් සහ කිරි නිෂ්පාදන යනු ඔබේ ආහාරය සඳහා ප්‍රෝටීන් එකතු කරගත හැකි හොඳම ප්‍රභවයන් ය.
ඒ අනුව ප්‍රෝටීන් ආහාරයට ගැනීම ඔබේ පරිවෘත්තිය ක්‍රියාවලිය ඉහළ නංවා කුසගින්න අඩු කරන අතර බර අඩු කර ගැනීම සඳහා එය ඉතා ඵලදායී ක්‍රමයක් වේ .

උදරයේ මේදය වැඩිවීම සඳහා කාබෝහයිඩ්‍රේට යනු විශේෂයෙන්ම බලපාන පෝෂකයකි.බොහෝ අධ්‍යයන වලින් පෙන්නුම් කර ඇති ආකාරයට කාබෝහයිඩ්‍රේට අඩුවෙන් ආහාරයට ගැනීම උදරයේ සහ අක්මාවේ එය අඩුකර ගැනීමට හේතුවේ. විශේෂයෙන්ම සුදු පාන් , නූඩ්ල්ස් සහ පැස්ටා වැනි ආහාර ඔබේ භාවිතයෙන් ඉවත් කිරීම වඩාත් සුදුසුය .

තන්තු බහුල ආහාර ගැනීම බර අඩු කර ගැනීමට උපකාරී වන අතර මගින් පෝෂ පදාර්ථ ජීර්ණය වීම සහ අවශෝෂණය කරගැනීම මන්දගාමී කළ හැකිය .එහි අවසාන ප්‍රතිඵලය ලෙස දිගු කාලිනව පූර්ණ බවක් දැනීම සහ ආහාර රුචිය අවම කිරීම සිදුවේ .

එක් අධ්‍යයනයකින් හෙළි වී ඇති ආකාරයට දිනකට ද්‍රව්‍ය තන්තු ග්‍රෑම් දහයක් ආහාරයට ගැනීම උදර කුහරය තුළ මේද ප්‍රමාණය 3.7 % කින් අඩු කළ හැකිය .
තන්තු වැඩිපුර ලබා ගැනීමට ඇති හොඳම ක්‍රමය නම් එළවලු සහ පලතුරු, රනිල කුලයට අයත් ධාන්‍ය වර්ග මෙන්ම ඕට්ස් වැනි ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමයි .

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට සහ බොහෝ රෝගවලින් වැළකීමට හැකි හොඳම මාර්ගයක් වන්නේ දිනපතා ව්‍යායාම කිරීමයි . උදරයේ මේදය අඩු කිරිම සඳහාද ව්‍යායාම කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය .
බර පුහුණුව සහ කාඩියෝ ව්‍යායාම මගින් ශරීරය පුරා මේදය අඩු කර ගත හැකි අතර ඇවිදීම, දිවීම සහ පිහිනීම වැනි ස්වායු ව්‍යායාම මගින් උදරයේ මේදය විශාල ලෙස අඩු කිරීම සිදු කරයි .

දිනපතා ව්‍යායාම කිරීම රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම ,අතිරික්ත උදර මේදය හා සම්බන්ධ අනෙකුත් පරිවෘත්තිය ගැටලු වලින් අත්මිදීමට හේතු වේ .

පොල්තෙල් යනු ඔබට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න මේද වර්ග වලින් එකකි .පොල්තෙල්වල අඩංගු මධ්‍යම දාම මේද පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නංවන අතර උදරයේ ගබඩා කරන මේද ප්‍රමාණය අඩු කළ හැකි බව අධ්‍යයනවලින් පෙන්වා දී ඇත.
ඒ අනුව වෙනත් ඉවුම් පිහුම් තෙල් වෙනුවට පොල්තෙල් භාවිතා කිරීම උදරයේ මේදය අඩු කිරීමට උපකාරී වේ .

බර ඇතුලුව ඔබේ සෞඛ්‍යයේ බොහෝ අංශවල යහපැවැත්ම සඳහා සුව නින්දක් අත්‍යවශ්‍ය වේ .අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට ප්‍රමාණවත් ලෙස නින්දක් නොලබන පුද්ගලයින්ගේ බර වැඩි වන අතර උදරයේ මේදය වැඩිවීමට ද සුව නින්දක් නොලැබීම විශේෂයෙන්ම හේතු වේ .
දිනකට අවම වශයෙන් පැය හතක් නිදා ගැනීම අත්‍යවශ්‍ය වන අතර එය සුව නින්දක් වීම ද අනිවාර්ය වේ

උසස් තත්ත්වයේ ප්‍රෝටීන සහ ඔමේගා 3 වලින් පොහොසත් වන මේද මාළු ආහාරයට ගැනීම ඔබව බොහෝ රෝගවලින් ආරක්ෂා කරයි . මේද අක්මා රෝග වලින් පෙළෙන වැඩිහිටියන් සහ ළමුන් පිළිබඳව කළ අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ මාලූ තෙල් අතිරේකයන් මගින් උදරයේ මේදය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බවයි . ඒ අනුව සැමන් , හුරුල්ලන් , සාඩින් සහ මැකරල් වැනි මාළු වර්ග සතියට දෙවරක් හෝ තුන් වරක් ආහාරයට ගැනීම ඉතා සුදුසු වේ.

උදරයේ මේදය යනු ඉතා ඉක්මනින් අඩු කළ හැකි දෙයක් නොවන අතර ඒ වෙනුවෙන් ඔබ අනුගමනය කළ යුතු බොහෝ දේ ඇත . සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සහ ව්‍යායාම මගින් ඔබට අනවශ්‍ය ලෙස වර්ධනය වන උදරයේ මේදය අඩු කර ගත හැකි අතර ඒ වෙනුවෙන් ඔබ කැපවීම අනිවාර්යයෙන්ම කල යුතුය.

උදරය අඩු කිරීම ඉහත පුරුදු අනුගමනය සමගම උදර ප්‍රදේශය ඉලක්ක කර කරනු ලබන abs workout කිරීමද වැදගත්, ඒ හරහා ඔබෙ ඉලක්කය වෙත පහසුවෙන් යා හැකිවනු ඇත.මේ ලින්ක් එකෙන් ඔබට එවැනි ව්‍යායාම ගැන දැනුවත් වන්න පුලුවන්



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here