ඊලග 100 පවන්ගෙද ? – Saru News | සිංහල

0
4

ඊලග 100 මේ කොල්ලගෙන් වෙන්න බැරි නැ…

පැතුමා අච්චර ගහලා තියෙන වෙලාවක උනත්

මේ කොල්ලා ගැනත් වචනයක් ලියන්නේ

නොලියා බැරි හින්දා…

පවන් රත්නායක !

පවන් කියන්නේ ටෙස්ට් සහ එක්දින තරග රටා දෙකේ ලකුණු කඳු ගණන් ගහලා ජාත්‍යන්තර වරම් අමාරුවෙන් දිනාගත්ත බාධක කප්පරක් එක්ක ඉස්සරහට යන කොල්ලෙක්…

හැබැයි පවන්ගේ විස්සයි විස්ස පිටියේ දක්ෂතා ජාත්‍යන්තර තලයට එනකල්ම එච්චර හොඳ තැනක තිබුනේ නැ…

ඒත් අද වෙද්දී පවන් එයාගේ විස්සයි විස්ස ක්‍රීඩා කෞශල්‍යය දවසින් දවස දියුණු කරගන්න හැටි පේනව. විශේෂයෙන්ම පවන් බැට් කරන්න එද්දී අනිත් තරග රටා දෙකට වඩා වෙනස් න්‍යායක් විස්සයි විස්ස පිටියේ අනුගමනය කරනවා…

පවන්ට විස්සයි විස්ස තරගවල ලකුණු අතරට එන්න එයා ආපු ගමන් පලවෙනි බෝලෙටම බවුන්ඩ්‍රියක් හොයනවා… අදත් පවන් ආපු ගමන් බවුන්ඩ්‍රියක් ගහනවා. එතැනින් පස්සේ ඒ momentum එක කොල්ලා දිගටම අරන් යනවා…

ඉස්සරහදී වෙන්න පුළුවන් දේ ප්‍රතිවාදී කන්ඩායම් පවන් පිටියට ආපු ගමන් ගහන්න හදන මේ බවුන්ඩ්‍රිය නතර කරන්න සැලසුම් හදන්න පුළුවන්.. එතැනින් පවන්ට පීඩනයක් දෙන්න උත්සාහ කරන්න පුළුවන්… හැබැයි පවන් කියන්නේ ඉක්මනින් දේවල් ඉගෙන ගන්න කොල්ලෙක්…

අන්න ඒකයි තමන් ජීවිතේට හොඳටම කරලා නැති ෆෝමැට් එකක් වෙලත් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ මේ තරම් උනන්දුවෙන් දවසින් දවස දියුණු වෙන්නේ…

මේ ඉන්නේ මීලග විස්සයි විස්ස ශතකලාභියා වෙන්න බැරි නැ…

ඒ හැකියාව පවන්ට තියෙන බව පැහැදිලියි..!

Anyway මහේලලගෙන් පස්සේ අංක හතරට දැන් අපිට,

සුපිරි බුලට් එකක් හම්ඹුනා..!

✍ | Rishie Bro

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here