න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඉරානය සමග සෘජු සාකච්ඡා පවත්වන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ධවල මන්දිරයේ දී හමුවූ අවස්ථාවේදීයි ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
ලෝක බලවතුන් සමග තම න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඉරානය සිදුකළ සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව පළමුවරටයි නැවත සාකච්ඡා පැවැත්වෙන්නේ.
කෙසේ වුව ද මෙවර මැදිහත්කරුවන්ගේ තොරව ඇමෙරිකාව , ඉරානය සමග සෘජු සාකච්ඡා පවත්වන අතර එම සාකච්ඡා ලබන සෙනසුරාදා දිනයේ දී පැවැත්වෙන බවයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ.
සාකච්ඡා සඳහා තම පාර්ශවය සහභාගී වන බවට ඉරාන විදේශ අමාත්‍යවරයා තහවුරු කර තිබෙනවා.
Saru FM Media