ඉරානය ඇමරිකාවට අනතුරු අඟවයි

0
4

ඉරාන නාවික හමුදාවට අයත් නවීනතම යුද නෞකාවක් වන IRIS Dena නෞකාවට ඉන්දියන් සාගරයේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ”නිසි ප්‍රතිචාරයක් ලබා දෙන” බව ඉරාන හමුදාපති අමීර් හතාමි (Amir Hatami) අනතුරු අඟවා තිබේ.

යුද අභ්‍යාසයක් නිමා කර යළි ඉරානය බලා එමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් සෘජු සටනක නිරත නොවී සිටියදීත් තම නාවිකයන්ට එල්ල කළ මෙම ප්‍රහාරය දැඩිව හෙළා දකින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම IRIS Dena නෞකාවේ නාමය සහ එහි කාර්ය මණ්ඩලයේ ජීවිත පරිත්‍යාගය, ඉරාන නාවික ඉතිහාසය තුළ ධෛර්යයේ සහ කැපවීමේ සංකේතයක් ලෙස පවතිනු ඇති බවද එහිදී ඔහු පැවසීය.

ඉරාන හමුදාපති අමීර් හතාමි අවධාරණය කළේ ඉරානයේ මුහුදු සීමාවන් ආරක්ෂා කිරීමට සහ නාවික බලය තවදුරටත් ශක්තිමත් කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here