ඉරානයට අයත් දකුණු පාර්ස් ස්වභාවික වායු නිධියට එල්ල වු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉරාන ආරක්ෂක අංශ විසින් මැද පෙරදිග කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර මාලාවක් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය විසින් ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධිය වන සවුත් පරාස් ප්‍රදේශයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබීය.
ඉන් එම ගෑස් නිධිය ආසන්න ප්‍රදේශයේ විශාල ගිනි ගැනීමක් සිදුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ජනාධිපති මෂුඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කළේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රමුඛ මැද පෙරදිග රටවලට ප්‍රතිවිපාක විදීමට සිදුවනු ඇති බවය.
ඒ අනුව ඉරාන විසින් කටාර් රාජ්‍යයේ පිහිටි රාස් ලෆාන් කාර්මික නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් එරට ස්වභාවික ගෑස් නිෂ්පාදන ස්ථානයකට හානී සිදුව ඇති බව වාර්තා වේ.
ඊයේ දිනයේ දී කටාර් රාජ්‍යයට ඉරානය විසින් මිසයිල 5ක් එල්ල කර ඇති අතර ඉන් 4ක් ව්‍යර්ත කිරීමට කටාර් රාජ්‍යය සමත් වුව ද එක් මිසයිලයක් රාස් ලෆාන් නගරයට පතිත වී ගිනි ගැනීමට ලක් වු බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දැක ඇති අතර එය තම ජාතික ආරක්ෂාවට සහ කළාපයේ ස්ථාවරත්වයට සෘජු තර්ජනයක් බව ප්‍රකාශ කර ඇත.
තම ස්වෛරීභාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව කටාර්හි සිටින ඉරාන හමුදා, ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ කාර්යය මණ්ඩලයට වහාම රටින් පිටවන ලෙස එරට විදේශ අමාත්‍යාංශය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පැය 24ක් ඇතුළත එම සියලුම නිලධාරීන්ට පිටවන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ අතර සෞදි අරාබියාවේ රියාද් නගරයට එල්ල වු ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
රටට එල්ල වු බැලැස්ටික් මිසයිලයක් ව්‍යාර්ත කිරීමේ දී එහි කැබලි වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සෞදි අරාබියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත.
මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගුවන් හමුදා කඳවුරකටද ඉරානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එය සාර්ථකව මැඩ පවත්වා ඇති බව වාර්තා වේ.
අබුඩාබි නගරයට ද ඉරානය විසින් ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.
ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායලය ද සිය ප්‍රහාර තවදුරටත් තිව්‍ර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව පළමු වරට උතුරු ඉරානයට ඊශ්‍රාලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කළ එරට රජය ප්‍රකාශ කර තිබේ.
ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරවලින් ටෙල් අවිව් ගුවන් තොටුපොළේ තිබූ ගුවන් යානා 03කට හානී සිදුව ඇති බව සඳහන් වේ.
මේ අතර සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර තහනම් කළ යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් ප්‍රකාශ කර තිබේ.
ඉරානයේ සහ කටාර්හි ගෑස් නිෂ්පාදන ප්‍රදේශවලට එල්ල වු ප්‍රහාරවලින් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා X සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
තමන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කටාර් එමීර්වරයා සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබේ.
Saru News
















