ඉරානයේ වාරයේ පිපිරීමෙන් සිදුවූ මරණ ගණන තවත් ඉහළට – තුවාලකරුවන් 800ක්

0
12


දකුණු ඉරානයේ ප්‍රධාන වාණිජ වරාය වන ෂාහිඩ් රාජී හි සිදුවූ පිපිරීමෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 800ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එරට වේලාවෙන් ඊයේ (26) උදෑසන සිදු වූ මෙම පිපිරීමේ බලපෑම කිලෝමීටර 50ක් පමණ දුරකට දැනී තිබෙනවා.

මේ අතර කලාපයේ පාසල් සහ කාර්යාල අද දිනයේ වසා දැමීමට නියෝග කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඉරාන බැලස්ටික් මිසයිලවල භාවිත කිරීමට අදහස් කරන ඝන ඉන්ධන තොගයක් අනිසි ලෙස හැසිරවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පිපිරීමත් සමඟ හටගත් ගින්නට හේතු වූ ඇති බවයි ගෝලීය සමුද්‍රීය අවදානම් කළමනාකරණය ආයතනය පවසන්නේ.

ඉරාන ධජය සහිත නෞකාවක් පසුගිය මාර්තු මාසයේ මෙම වරායේදී සෝඩියම් පර්ක්ලෝරේට් රොකට් ඉන්ධන තොගයක් මුදාහැරිය බව තමන් දැන සිටි බවයි ගෝලීය සමුද්‍රීය අවදානම් කළමනාකරණය ආයතනය සඳහන් කළේ.

ෂාහිඩ් රාජී වරාය ඉරානයේ විශාලතම සහ වඩාත්ම දියුණු පර්යන්තය වන අතර එමඟින් රටේ වාණිජ නැව්ගත කිරීම් බොහොමයක් සිදු කෙරෙනවා.

එය තෙල් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රධාන නැව් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටා ඇති අතර, එය දකුණු වෙරළ තීරයේ ඉරානයේ ප්‍රධාන වරාය නගරය වන බන්ඩාර් අබ්බාස් සිට කිලෝමීටර් 20ක් පමණ බටහිරින් පිහිටා ඇති අතර ඉරාන නාවික හමුදාවේ ප්‍රධාන කඳවුර පිහිටා ඇත්තේ මෙම වරාය තුළයි.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මෙම අනතුරින් විපතට පත්වූවන් සඳහා ඔහුගේ ” කණගාටුව ප්‍රකාශ කළ අතර, ඔහු රජයේ පරීක්ෂණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එයට නායකත්වය දීම සඳහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කලාපයට යවා තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here