ඉරානයට අයත් IRIS ලාවන් යුද නෞකාව ඉන්දීය බලධාරීන්ගේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ කොච් වරායට සේන්දු වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.
එම නෞකාව කොචි වෙත ගොස් ඇත්තේ හඳුනාගත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙනි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එම ගැටලුව මුල් කරගනිමින් ඉරානය කළ ඉල්ලීමකට අනුව කොච් වරායේ නැංගුරම් ලෑමට අදාල නෞකාවට අවසර දුන් බවයි.
අදාළ IRIS ලාවන් නෞකාව ඉන්දියාවේ පැවැත්වූ නාවික අභ්‍යාසය සහ ජාත්‍යන්තර නෞකා දැක්ම සඳහා පැමිණ තිබේ.
ඒ අනුව IRIS ලාවන් නෞකාවේ සිටි කාර්යය මණ්ඩල සමාජිකයින් ගණන 183ක්.
ඔවුන් මේ වනවිට ඉන්දීය නාවික හමුදා යටතේ කොච් ප්‍රදේශයේ යටතේ ආරක්ෂිත කඳවුරුවලට රැගෙන ගොස් තිබේ.
පසුගිය 28 වැනිදා ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කළ දිනයේදීම එම නෞකාවට ඉන්දියාවට ඇතුළු වීමට අවසර ඉල්ලා තිබූ බවද වාර්තා වේ.
එම ඉල්ලීමට අනුව පසුගිය 1 වැනිදා ඉන්දියාව ඒ සඳහා අනුමැතිය ලබා දීමෙන් අනතුරුව IRIS Lavan නෞකාව ඉන්දියාවේ කොචි වරායට සේන්දු කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
අදාල කෝච් වරායට ලඟා වීමට පෙර Lavan යුද නෞකාව ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි විශාඛපට්නම් මුහුදු කලාපයේ පැවති බව සඳහන්.
Saru News
















