නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට, කටුවැව සල්මල්යාය ප්රදේශයේ ඉන්ධන ලීටර් 500කට ආසන්න තොගයක් රැස්කර තබාගෙන සිටියදීය.
මෙම වැටලීම සිදු කර ඇත්තේ, යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත බව පොලිසිය සඳහන් කරයි.
එහිදී නිවසෙහි සඟවා තිබී ඩීසල් ලීටර් 480කට වැඩි ප්රමාණයක් සහ පෙට්රල් ලීටර් 20කට ආසන්න ප්රමාණයක් සොයාගෙන ඇත.
සැකකරු සහ නඩු භාණ්ඩ හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
0
Saru News
















