හෙට (19) සිට ඉන්ධන නිකුත් කරන්නේ වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව බවත් ඒ සඳහාද QR ඛේතය තිබීම අත්‍යාවශ්‍ය බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ඩී.ජේ රාජකරුණා පවසන්නේ අවසාන අංකය ඉරට්ටේ හෝ බිංදුව නම් ඉරට්ටේ දිනවලත් සෙසු වාහන සදහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කෙරෙන බවය.
ඒ අනුව දිනයේ අවසාන අංකය 0, 2, 4, 6, 8 යෙදෙනෙ දිනවල වාහනයේ අවසාන අංකය 0, 2, 4, 6, 8 සඳහා ඉන්ධන ලබා ගත හැකිය.
එමෙන්ම දිනයේ අවසාන අංකය 1, 3, 5, 7, 9 යෙදෙන දිනවල වාහනයේ අවසාන අංකය 1, 3, 5, 7, 9 සඳහා ඉන්ධන ලබා ගත හැකිය.
ඒ අනුව හෙට (19) දිනයේ ඉන්ධන ලබා ගත හැක්කේ, වාහනයේ අවසාන අංකය 1, 3, 5, 7, 9 ලෙස සඳහන් වාහන සඳහා පමණි.
එලෙස ඉන්ධන ලබා ගැනීමට වුවද QR ඛේතය තිබීම අත්‍යාවශ්‍ය වේ.
2
Saru News
















