ඉන්ධන මිල සැරටම වැඩි වීමට හේතුව මෙන්න!

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: එකවරම ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීම සඳහා ඉන්ධන මිල සංශෝධනය කළ බව රට තුළ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාරගේ පැවසීය.

“අපි සාමාන්‍යයෙන් මිල වැඩි කරන්නේ පසුගිය මාසයේ තියෙන තෙල් මිල ගැලපුම් කරලා. නමුත් අපි සතුව ස්ථිර වශයෙන් දින 30කට ඉන්ධන තොග තිබුණත් ලබන මාසය සඳහා එන නැව්වල ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යමින් තිබෙනවා. එතකොට අපි බලාපොරොත්තු වුණා අපි සතුව දැනට තිබෙන ඉන්ධන තොග ප්‍රවේසම් කරමින් මිල සාමාන්‍යකරණයක් කරන්න. ඒ අනුව එකවර ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීම සඳහා සහ තිබෙන තොග ප්‍රවේසමෙන් මාස අතර බෙදලා පරිහරණය කිරීම සඳහා අපි මිල සාමාන්‍යකරණය කළා.” යනුවෙන් ඔහු පැහැදිලි කරයි.

ඉන්ධන එක්රැස් කිරීමේ ජාවාරම්කාර තත්ත්වයන් පාලනය කිරීම, පෝලිම් නිර්මාණය නොවී ජනතාවට එකම මිලකට දීර්ඝ කාලීනව ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමටත් බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කරයි.

කෙසේවෙතත් ලෝක වෙළෙඳපොළේ මිල අඩු වුවහොත් ඉදිරි දින කිහිපය ඇතුළත අනිවාර්යයෙන්ම මෙරට ඉන්ධන මිලද අඩු කළ හැකි බවයි ඔහු පවසන්නේ.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉකුත් මාර්තු පළමුවැනිදා ඉන්ධන මිල සංශෝධනය කළද , ඉන් දින 9කට පසු ඊයේ (09) රාත්‍රියේ නැවත වරක් සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දමන ලදී.

The post ඉන්ධන මිල සැරටම වැඩි වීමට හේතුව මෙන්න! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here